අද දිනයේද පෞද්ගලික බස්රථ සේවා ධාවනය සියයට 80කින් අඩු වී තිබෙනවා. ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල බස්රථ ධාවනය වන්නේ ඉතා සීමා සහිතවයි. මේ හේතුවෙන් කාර්යාල සේවා වෙත පැමිණෙන ජනතාව සහ පාසල් සිසුන්ද දැඩි පීඩාවට පත් වුණා. අන්තර් පළාත් පෞද්ගලික බස් ධාවනයද සියයට 70කින් පමණ අඩු වී ඇති බවයි ජාතික ගමනා ගමන කොමිසම පැවසුවේ.
නොරොච්චෝල විදුලි බලාගාරයේ කොටසක් හෙට මධ්‍යම රාත්‍රී 12හේ සිට වසා දමන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. එහි සම ලේකම් එරංග කුඩාහේවා නෙත් නිවුස් වෙත කියා සිටියේ දින 75කට බලාගාරය වසා තැබීමට සිදු වන බවයි.
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 05 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද පස්වරුවේ ආරම්භ වනවා.
Page 242 of 749