Thursday, March 12, 2026
Follow Us
ලොක්කන් දෙදෙනකුගෙන් පොලිස් නිලධාරිනියන්ට හිංසන

උසස් නිලධාරින් දැනුවත් කලත් වැඩක් නෑ


ගම්පහ සහ අවිස්සාවේල්ල පොලිස් කොට්ඨාසවල රාජකාරි කරන උසස් නිලධාරින් දෙදෙනකුගේ හිංසන දරා ගැනීමට නොහැකිව පොලිස් නිලධාරිනියන් බොහෝ අපහසුතාවට ලක් වී තිබේ. ගම්පහ පොලිස් කොට්ඨාසයේ රාජකාරි කරන ආධුනික පොලිස් නිලධාරිනියෝ මෙලෙස හිංසනයට ලක්වී ඇති බව පැවසේ.

එම නිලධාරිනියන් කාර්යාලය තුළට පැමිණි විටදී මෙලෙස හිංසනයට ලක්වීම සිදුවන බවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු ඔත්තු බැලීමට කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින බවත් පැවසේ. අවිස්සාවේල්ල කොට්ඨාසයේද පොලිස් නිලධාරිනියෝ චෝදනාවට ලක්වන උසස් නිලධාරියාගේ කාර්යාලයට යෑමට බියක් දක්වති. එයට හේතු වී ඇත්තේ විවිධ කරදරවලට මුහුණ පෑමට සිදුවන නිසාවෙන් බව කියැවේ.

මෙම සිදුවීම් සම්බන්ධව උසස් නිලධාරින් දැනුවත් කළද මෙතෙක් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවට පොලිස් නිලධාරිනියෝ චෝදනා කරති.

Aruna