Amidst a severe economic crunch which has left people across the country facing severe hardships, one of the sector's which has also suffered a severe blow is prostitution.
2015 වසරේ ශ්රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාවද්ය විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් පර්පචුවෙල් ට්රෙෂරීස් සමාගමට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් අද කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පිළිගෙන තිබෙනවා.
ශ්රී ලංකාවේ ප්රථම ළමා ආරක්ෂණ සන්ධානයේ (CPA) සාමාජිකයින් ලෙස අප 2022 ඔක්තෝබර් මස 09 වන දින ගාලුමුවදොරෙහි පැවති සාමකාමී සහ නිරායුද උද්ඝෝෂණයට සහභාගීව සිටි කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව ශ්රී ලංකා පොලීසිය විසින් සිදුකළ ප්රචණ්ඩත්වය දැඩි ලෙස හෙළා දකින්නෙමු.
ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිලෝග්රෑම් 12යි දශම 5, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩු කරනු ඇති. එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 5,300ක් ලෙසයි.
ගාලුමුවදොර පිටියේ ඉකුත් දා පැවති විරෝධතාවකදී පොලීසියේ ක්රියාකලාපය හමුවේ දරුවෙකු අපහසුතාවයට ලක්වීම සම්බන්ධයෙන් සහ දරුවන් උද්ඝෝෂණවලට සම්බන්ධ කරවා ගැනීමට එරෙහිව ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත පාර්ශ්ව රැසකින් පැමිණිලි ලැබී තිබෙනවා.
රුපියල් කෝටි සිය ගණනක මූල්ය වංචාවක් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින තිළිණි ප්රියමාලි නමැති කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 06 වනදා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සමග ගිනිඅවි රැගත් ආරක්ෂකයින් 6 දෙනෙකු සිට ඇති බව වාර්තා වේ.
කලිසමක රදවාගත් කැමරාවක් ආධාරයෙන් කාන්තාවන් වීඩියෝගත කළ පුද්ගලයෙකු පිටබැද්දර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු බස් කොන්දොස්තරවරයෙක් ලෙසද සේවය කර ඇති බවයි පිටබැද්දර පොලීසිය පැවසුවේ.
Page 205 of 769