පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වූ ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගත හැකි සියලු පියවර ගන්නා බව ඛණිජතෙල් වෘත්තීය සමිති පවසනවා. ඛණිජතෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පැවසුවේ ඒ සඳහා ඕනෑම වෘත්තීය සමිතියක් සමග කොන්දේසි විරහිතව එක්වන බවයි.
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවේ සිටින තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ පෙම්වතා බව පැවසෙන ඉසුරු බණ්ඩාර යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මැණික් ව්‍යාපාරිකයකු සමග ඉන්දියාවේදී අඹුසැමියන් ලෙස හැසිරී ජංගම දුරකතනයෙන් එය වීඩියෝ කර එම වීඩියෝව නිවැසියන්ට පෙන්වන බවට තර්ජනය කර රුපියල් ලක්ෂ හැත්තෑවක කප්පමක් ඉල්ලූ බව කියන කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් හා කතක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් පෙරේදා (17) අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල – යක්කලමුල්ල – මාගෙදර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් සිව් හැවිදිරි දරුවකු සහ තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ප්‍රකෝටිපතියන් රවටා රුපියල් බිලියන ගණනක් වංචා කළ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි සිය අනියම් පුරුෂයා සමග සුඛෝපභෝගී විදෙස් සංචාර 08ක යෙදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ (18) දන්වා සිටියේය.
ඊයේ (18) රාත්‍රී 08.30 ට පමණ වව්නියාව, නැදුන්කර්නි, ශිවානගර් ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
Page 196 of 764