Wednesday, May 06, 2026
Follow Us
උඩගිය බයිසිකලේ බිමට වැටේ

මේ දිනවල පාපැදියක මිල මෙන්න


වෙළෙඳපොළේ පාපැදි මිල පහත වැටී ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

පසුගිය කාලයේ රට පුරා පැවැති ඉන්ධන හිඟයත්, ඉන්ධන මිල ගණන් අධිකවීමත් හේතුවෙන් බොහෝ දෙනෙක් සිය එදිනෙදා ගමන් බිමන් අවශ්‍යතාව සපුරාගැනීමට පාපැදිය යොදා ගත්හ. මේ හේතුවෙන් දැනට මාස දෙකකට පමණ ඉහතදී පාපැදියට අධික ඉල්ලුමක් පැවතිණි. ඒ අනුව සාමාන්‍ය මවුන්ටන් බයිසිකලයක මිල රුපියල් අසූපන්දහසත්, ලක්ෂයත් අතර විය. කාන්තා පාපැදි ද අලෙවි වූයේ එවැනිම මිල ගණන්වලටය.

කෙසේවුවද ඉන්ධන හිඟය අවසන් වීමත් සමග පාපැදියට ඇති ඉල්ලුම අඩුවී තිබේ. ඒ අනුව සාමාන්‍ය පාපැදියක මිල මේ වන විට රුපියල් 45000ක් පමණ දක්වා අඩුවී තිබේ. භාවිත කළ පාපැදිවල මිල ද පසුගිය දිනවල ඉහළ ගිය ද මේ වන විට ඒවායේ මිල ගණන් ද රුපියල් විසිදහසකින් පමණ අඩුවී තිබේ. දිවයිනේ ප්‍රසිද්ධ පාපැදි නිෂ්පාදන ආයතනයන්හි පවා මේ වන විට විශේෂ වට්ටම් යටතේ පාපැදි අලෙවි කිරීමට පෙළඹි ඇති ආකාරය දැකිය හැකිය.

Aruna