දැඩි කතාබහට ලක්ව ඇති පාන් මිල සම්බන්ධයෙන් හෙට සිට පාරිභෝගිකයන්ට සහනයක් ලබා දිය හැකි වනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
පිටකොටුව තොග වෙළඳපොලේ පරිප්පු සහ සීනි මිල තවදුරටත් අඩුවී ඇති බව වාර්තා වේ.
ගර්බණී මව්වරුන්ට ලබාදෙන යකඩ ඖෂධවල දැඩි හිඟයක් රට තුළ පවතින බව ශ්රී ලංකා ඖෂධ වෙළඳ සංගමය පවසනවා. එහි සභාපති ඖෂධවේදී කපිල ද සොයිසා පැවසුවේ තවත් ඖෂධ රැසක හිඟයක් ඖෂධහල්වල පවතින බවයි.
ඩිජිටල් ක්රමවේදය යටතේ ජාතික සත්වෝද්යාන සදහා ප්රවේශ පත්ර නිකුත් කිරීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්යංශයේ අවධානය යොමු වී තිබෙනවා.
ග්රාමීය රෝහල්වල පවතින ඖෂධ හිඟයට කඩිනමින් විසදුම් ලබාදීම අත්යවශ්ය බව වෛද්යවරුන් මෙන්ම ඔසුසැල් හිමියන් ද පවසනවා.
තිළිණි ප්රියමාලි ළඟ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් ද කෝටි ගණනක් තිබී ඇති බව බුද්ධි අංශ මඟින් කළ සොයා බැලීම්වලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
Page 197 of 769