පාන් මිල අඩුකිරීම සම්බන්ධයෙන් අද (31) දිනයේදී සිය විධායක සභාව රැස්වී තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
පිටකොටුව තොග වෙළඳපොලේ පරිප්පු සහ සීනි මිල තවදුරටත් අඩුවී ඇති බව වාර්තා වේ.
බස්නාහිර පළාත තුළ දෛනිකව බැහැර කෙරෙන පිසූ ආහාර ප්‍රමාණය සියයට 40කින් පමණ අඩුවී ඇති බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්‍ෂ නලින් මාන්නප්පෙරුම පැවසුවේ කොවිඩ් වසංගතයට පෙර කාලය හා සැසඳීමේදී මෙම කාලසීමාව තුළ බැහැර කෙරෙන අනෙකුත් අපද්‍රව්‍යද සියයට 20 කින් පමණ අඩුවී ඇති බවයි.
ඩිජිටල් ක්‍රමවේදය යටතේ ජාතික සත්වෝද්‍යාන සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා.
රට තුළ යළිත් ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
ග්‍රාමීය රෝහල්වල පවතින ඖෂධ හිඟයට කඩිනමින් විසදුම් ලබාදීම අත්‍යවශ්‍ය බව වෛද්‍යවරුන් මෙන්ම ඔසුසැල් හිමියන් ද පවසනවා.
දැඩි කතාබහට ලක්ව ඇති පාන් මිල සම්බන්ධයෙන් හෙට සිට පාරිභෝගිකයන්ට සහනයක් ලබා දිය හැකි වනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
Page 192 of 764