ගර්බණී මව්වරුන්ට ලබාදෙන යකඩ ඖෂධවල දැඩි හිඟයක් රට තුළ පවතින බව ශ්‍රී ලංකා ඖෂධ වෙළඳ සංගමය පවසනවා. එහි සභාපති ඖෂධවේදී කපිල ද සොයිසා පැවසුවේ තවත් ඖෂධ රැසක හිඟයක් ඖෂධහල්වල පවතින බවයි.
ජනතාව මත බදු බර පටවමින් රජය ගෙනයන ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන අද (27) කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
තවත් සතියකින් පමණ පාන් මිල අඩු කිරීමට අපේක්ෂා කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
වෘත්තීය පුහුණු ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදේශ රැකියා සදහා යොමු කිරීමට වඩාත් කාර්යක්ෂම වැඩපිළිවෙලක් සහිත සැලැස්මක් සති දෙකක් තුළ සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව විසින් (කෝපා කමිටුව) විදේශ රැකියා අමාත්‍යාංශයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පසුගියදා (21) උපදෙස් ලබා දෙන ලදී.
තිළිණි ප්‍රියමාලි ළඟ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් ද කෝටි ගණනක් තිබී ඇති බව බුද්ධි අංශ මඟින් කළ සොයා බැලීම්වලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
යාල ජාතික වනෝද්‍යානයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු දෙක අද එම වනෝද්‍යානයට පිටත්ව යනවා. එක් කමිටුවක් පත් කරනු ලැබුවේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් විසින්.
මේ වනවිට බොහෝ රජයේ රෝහල්වල රසායනාගාර පරීක්ෂණ සිදු නොකෙරෙන තත්වයක් උද්ගතව ඇති බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසයි.
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලි සහ ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන විසින් සිදුකර ඇතැයි කියන මහ පරිමාණ රහස් මූල්‍ය ගනුදෙනුවලට අදාළ හඬපට 30ක් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (26) භාරදී තිබේ.
Page 193 of 764