තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලි සහ ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන විසින් සිදුකර ඇතැයි කියන මහ පරිමාණ රහස් මූල්‍ය ගනුදෙනුවලට අදාළ හඬපට 30ක් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (26) භාරදී තිබේ.
ජනතාව මත බදු බර පටවමින් රජය ගෙනයන ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන අද (27) කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා ගත වූ මාස 9ක කාලය තුළ විශ්වවිද්‍යාල සිසුන් 50කට එච්.අයි.වී. ආසාදිතව ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය කියයි.
තවත් සතියකින් පමණ පාන් මිල අඩු කිරීමට අපේක්ෂා කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
වෘත්තීය පුහුණු ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදේශ රැකියා සදහා යොමු කිරීමට වඩාත් කාර්යක්ෂම වැඩපිළිවෙලක් සහිත සැලැස්මක් සති දෙකක් තුළ සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව විසින් (කෝපා කමිටුව) විදේශ රැකියා අමාත්‍යාංශයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පසුගියදා (21) උපදෙස් ලබා දෙන ලදී.
ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණු පෞද්ගලික බස් වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට සියලු බස් සංගම් තීරණය කර තිබේ.
යාල ජාතික වනෝද්‍යානයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු දෙක අද එම වනෝද්‍යානයට පිටත්ව යනවා. එක් කමිටුවක් පත් කරනු ලැබුවේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් විසින්.
පැවති වැසි තත්ත්වයත් සමඟ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දෛනික ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙනවා.
Page 178 of 749