Sunday, September 14, 2025
Follow Us
හිටපු උප කුලපතිට පහරදුන් පේරාදෙණිය සරසවි සිසුන් 06 ක් අත්අඩංගුවට

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එම සිසුන් 06 දෙනා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමෙන් අනතුරුවයි.

අත්අඩංගුව ගත් සිසුන් අවුරුදු 23 සහ 25 අතර වයස්වල පසුවන නිට්ටඹුව, සඳලංගල, ගිරිතලේ, මාතලේ, හේනගමුව හා ගලගම්වත්ත යන ප්‍රදේශලවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් සිසුන් 06 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Neth