Sunday, September 14, 2025
Follow Us
මදුරු දඟරයකින් දුම්වැටි 150ක දුමක්

මදුරු දඟරයක් දැල්වූ පසු ඉන් පිටවන දුමාරය දුම්වැටි සියයත් එකසියපනහත් අතර සංඛ්‍යාවකින් පියවන දුමාරයට සමාන බව අනාවරණය වෙයි.

ඊයේ (12 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පාරිසරික වායු දූෂණය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්වශන රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ නියෝජිත ශ්වශන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්දන කුලතුංග ප්‍රකාශ කළේ මෙය විද්‍යාත්මකව තහවුරු වී ඇති බවයි.

මදුරු දඟර දැල්වීමෙන් සෞඛ්‍යට අහිතකර තත්ත්වයක් ඇතිවන අතර එක් මදුරු දඟරයකින් (PM2.5) වශයෙන් දුමාරය (දුවිලි අංශු ) පිටකරනු ලබයි.

එසේ වුවද දුම්වැටිවලින් පිටවන දුමාරයෙන් සිදුවන වායු දූෂණය පිළිබඳ විද්‍යාත්මක සොයා ගැනීමක් මෙතෙක් සිදුකර නොමැති බවද හෙතෙම සඳහන් කළේය.

 

Aruna