Sunday, September 14, 2025
Follow Us
අදත් මහ වැසි වැටෙයි !

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපර්තමේන්තුව සඳහන් කරන්නේ, පුත්තලම, අම්පාර, මඩකලපුව, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

MIrror