Saturday, September 13, 2025
Follow Us
කොළඹ මාවතක රථවාහන ගමනාගමනය සීමා කරයි

මරදාන පොලිස් වසමේ අර්නෝල්ඩ් රත්නායක මාවතේ ගිනි නිවන හමුදා මූලස්ථානය දෙස සිට සුදුවැල්ල හන්දිය දක්වා මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබේ.

පොලීසිය පැවසුවේ එම මාර්ගයේ කොටසක් ගිලා බැසීම හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර ඇති බවයි.

එම මාර්ගයේ පිළිසකර කිරීම් කටයුතු අද (09) පෙරවරුවේ සිට සිදුකෙරෙන බැවින් එම මාර්ගයේ වාහන තදබදයක් හටගෙන තිබේ.

පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අර්නෝල්ඩ් රත්නායක මාවතේ අලුත්වැඩියා කිරීම් කටයුතු අවසන් වනතුරු හැකිතාක් විකල්ප මාර්ගය භාවිතා කරන ලෙසය.