2023 මැයි මාසය වන විට දකුණු කොරියානු රැකියා සඳහා ලාංකික ශ්‍රමිකයින් 2726 දෙනෙකු මෙරටින් පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.
ඩෙංගු රෝගය අවදානම සඳහා අපිට නිදහසට කරුණු කීමට නොහැකි අතර එය පාලනය හා අවම කිරීමට අවශ්‍ය යැයි සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
2023 වසරේ පොසොන් පොහොය නිමිත්තෙන් ජුනි මස 03 වැනි පොසොන් පුර පසලොස්වක් පොහෝ දින දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන හෙවත් මත්පැන් හල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.
මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඓතිහාසික බුදුරුවගල වැව ආශ්‍රිතව සංචාරක බෝට්ටු සේවාවක් ආරම්භ කර තිබේ.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය හා බුද්ධ ශාසන දෙපාර්තමේන්තුව දිවයිනේ විවිධ ප්‍රදේශ තුළින් වැඩම කෙරෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සිල් මෑණිවරුන් වෙනුවෙන් පහසුකම් සපයමින් online සහ නේවාසික ඉංග්‍රීසි පාඨමාලා අදියර දෙකක් යටතේ සිදුකිරීමට අපේක්ෂා කරයි. මෙහි පළමු අදියරේදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා
ෆේස්බුක් ගිණුමක් ඔස්සේ රංගන ශිල්පිනියක් සමඟ හිතවත් වී ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබා දී එම රංගන ශිල්පිනියගෙන් වරින්වර රුපියල් ලක්ෂ 65ක මුදලක් ලබාගෙන වංචා කළ සැකකරුවකු එළඹෙන 29 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කළාය.
• මෙම පැරණි ක්‍රමවේදය වෙනස් කළ යුතුයි.
• තරුණයින් පෞරුෂයෙන් , ප්‍රායෝගික බවින් , දැනුමින් සහ නායකත්වයෙන් සන්නද්ධ විය යුතුයි
ප්‍රථම ජාතික යොවුන් වූෂූ තරඟාවලිය (2023) පළාත් නවයම නියෝජනය වන පරිදි කණ්ඩායම් සහභාගීත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේ දී ආරම්භ විය.
කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්‍යාලවල ආරක්ෂාව තර කර දෙන්නැයි එහි උපකුලපතිවරු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලීමක් කරති.
රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණයට සෘජුව සම්බන්ධ නොවන තොරතුරු තාක්ෂණ උපාධිධාරීන්ගේ හැකියාවන් සහ නිපුණතාවයන් තවදුරටත් වර්ධනය කර ඔවුන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළ රැකියා අවස්ථාවන්ට පිවිසීමට මඟ සැලසීමේ Refresher Bootcamp නමින් වැඩසටහන ආරම්භ විය.
අනුබද්ධ විශ්වවිද්‍යාල සහ ඒවායේ පාඨමාලා සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාදීමේ දී එය විවිධ අලෙවිකරණ අරමුණු සඳහා අනිසි ලෙස භාවිත නොකිරීමට සහ එය උපාධි ප්‍රදානය කරන විශ්වවිද්‍යාලයට පමණක් ලබාදීමට දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමු විය.
මැයි මාසයේ ගතවූ දින 20 ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 6,037 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.
මේ වන විට ඩෙංගු රෝගීන් 34801 වාර්තා වී ඇති බවත් ඉදිරියේදී වර්ෂාපතනය වැඩි වුවහොත් මෙම තත්ත්වය තවත් වැඩි විය හැකි බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පැවසීය.
මෙරට ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා ගෙන එම මුදල් වංචා කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිළිණි ප්‍රියමාලි,
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 57 වන කණ්ඩායම ලෙස රැකියාලාභීන් 23 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය පසුගියදා සිදු කෙරිණි.
වගාවන් ආරක්ෂා කිරීම සඳහා ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
මාර්ග අනතුරු වැඩිවීමේ ප්‍රවණතාවය අඩුකරගැනීම අරමුණු කරගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමෙහි ලා මූලික සාකච්ඡාවක් ඊයේ (16) ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශ මරදාන පරිශ්‍රයේදී පැවැත්විණි.
Page 135 of 749