Wednesday, September 10, 2025
Follow Us
නුවරඑළිය,කොත්මලේ, වෑතලාවේ අද්භූත ශබ්ද පිළිබඳ විධිමත් පරික්ෂණයක්

කොත්මලේ හැදුණුවැව ක්‍රීඩාංගනයේ පොළොව යටින් ඇසෙන අද්භූත භයංකාර ශබ්දය හා ප්‍රදේශයේ පුරාණ කාලයේ සිට පැවැති එදිනෙදා පරිභෝජනයට ලබාගත් ජල මූලාශ්‍ර හිටිහැටියේ අතුරුදන් වීම පිළිබඳව කඩිනමින් පර්යේෂණයක් හා විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ මහතා සඳහන් කරයි.

දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ පොදු ක්‍රීඩා භූමියේ පොළොව අභ්‍යන්තරයෙන් වැසි සහිත කාලවල දී ඇසෙන ඉතාමත් බියකරු ශබ්දයෙන් පීඩා විඳින ජනතාවගේ ඉල්ලීමට අනුව ඔහුන් නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කර දීමේ අරමුණින් අදාළ භූමි ප්‍රදේශය ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් පරීක්ෂාවට භාජනය කළ ද කිසිදු අනතුරුදායක හෝ ආපදා තත්ත්වයක් තහවුරු වී නොමැති අතර කඩිනමින් භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්‍යාංශය ලවා විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි.