Wednesday, September 10, 2025
Follow Us
වෘත්තිය පුහුණුව කඩිනම් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ගම්පහ දී

ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ රැකියා ප්‍රමාණයෙන් දැනට පුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශගත වීම ඉතා දුර්වල මට්ටමක පවතින බැවින් පුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීම සඳහා NVQ  තත්ත්ව සහතිකය සහිත ශ්‍රමිකයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් බිහිකිරීම අරමුණු කරගත් සාකච්ඡාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

දැනට NVQ පාඨමාලා සදහා ගතවන කාලය දීර්ඝ බැවින් විදේශගත කිරීම අරමුණු කරගත් ශ්‍රමිකයන් බිහි කිරීමට කෙටිකාලීන පාඨමාලා සැකසීම කෙරෙහි මෙහි දී විශේෂ අවධානය යොමුව තිබේ.