Friday, May 08, 2026
Follow Us
මාතර රැකියා විරහිත තරුණ තරුණියන්ට හෝටල් ක්ෂේත්‍රයේ රැකියා

මාතර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් 100 දෙනෙකු රැකියාගත කිරීමට අදාළ පුහුණු වැඩසටහන miq.shod මාතර දිස්ත්‍රික් ලේකම්, නීතීඥ වයි. වික්‍රමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර මැද්දවත්ත කාර්මික විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.

මෙම වැඩසටහන ප්‍රායෝගික හා න්‍යායාත්මක කරුණු සහිතව පිළිගැනීමේ අංශය, භෝජනාගාර අංශය හා ගෘහපාලන අංශය යන ක්ෂේත්‍ර තුනක් යටතේ දින 20 ක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර දින 20 අවසානයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියාගත පුහුණුව සඳහා යොමු කෙරේ.