ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා Gamma pizzakraft Lanka (pvt) ltd ආයතනය හා එක්ව අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමට අනුව එහි ප්‍රථම පියවර ලෙස Quick Services Restaurant Crew Member NVQ – Level 4 පාඨමාලාව ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු පසුගියදා ඔරුගොඩවත්‍ත කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී හා නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී සිදු කෙරිණි.
ඇඑහිදී මූලික වශයෙන් ඔරුගොඩවත්ත කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ නවීන උපකරණ සහිත නවීන පහසුකම්වලින් යුත් වැඩහලක් (Work shop) හා නව පංති කාමරයක් Gamma pizzakraft Lanka (pvt) ltd ආයතයේ අනුග්‍රහයෙන් සකස් කර ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වෙත භාර දෙන ලදී.
එහි ඊළග ආරම්භය නාරාහෙන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ දැනට බේකරි පාඨමාලාව පවත්වන පංති කාමරය නවීකරණය කරමින් නව උපකරණ ලබා දෙමින් වඩාත් සිත්ගන්නා සුලු ආකාරයෙන් සකස් කර නව පාඨමාලා ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු Gamma pizzakraft Lanka (pvt) ltd ආයතනය මගින් සිදු කරයි.
මෙහි පාඨමාලා ආරම්භය නුදුරේදීම ඔරුගොඩවත්‍ත කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී හා නාරාහෙන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී ආරම්භ කිරීමට නියමිතයි.
සංචාරක වීසා මගින් කාන්තාවක් ඕමාන් රාජ්‍යයේ ගෘහ රැකියාවක් සඳහා යැවීමට තැත් කළ තැරැව්කරුවෙකු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිළධාරීන් විසින් පසුගිය 07 වන දින කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
75 වන නිදහස් දිනට සමගාමිව පස්වන වරටත් පවත්වනු ලබන ජනරජ පෙරහැර පෙබරවාරි මස 19 වන දින ප.ව 6.30 ට මහනුවර ශ්‍රි දළදා මාළිගා පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
නැගෙනහිර පළාත් සභාව සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ප්‍රවේශ වැඩසටහන ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගියදා ආරම්භ කෙරිණි.
තම බැංකු ගිණුම් හා බැංකු කාඩ්පත් තොරතුරුවල සුරක්ෂිතභාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස සියලුම ජනතාව වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.
මෙරට ජනගහණයෙන් 33%ක් තවදුරටත් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණා පා ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ දෙසැම්බර් මස සමීක්ෂණ වාර්තාව අනාවරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් මාසය තුළ සිදුකළ සමීක්ෂණ වාර්තාව ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව ජනගහණයෙන් 35%ක් තමන් ලබාගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩුකර ඇති බව එහි සඳහන් වෙයි.
එමෙන්ම ජනගහණයෙන් 67%ක් තමන් ප්‍රිය කරන ආහාර පරිභෝජනය අඩු කර ඇති බව වාර්තාවේ දැක්වෙයි.
ජනගහණයෙන් 43%ක් සිය ආහාරවල ප්‍රමාණය අඩුකර තිබේ.
ජනගහණයෙන් 33%ක් තවදුරටත් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා සිටින අතර වැඩිම ආහාර අනාරක්ෂිතභාවය වාර්තා වී ඇත්තේ ඌව පළාතෙනි. එය 43%කි.
අඩුම ආහාර අනාරක්ෂිතභාවය වාර්තා වන්නේ උතුරු පළාතෙන් වන අතර එය 25%කි.
වතුකරයේ පවුල්වලින් 38%ක්, ග්‍රාමීය ප්‍රදේශවල පවුල්වලින් 34%ක් හා නාගරික පවුල්වලින් 28%ක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ පා සිටින බවද වාර්තාව වැඩිදුරටත් සඳහන් වේ.
ඕමානයේ සුරක්ෂා නිවාසයන්හි රැඳී සිටින කාන්තාවන් 59 දෙනා මෙරටට ගෙන්වා ගැනීමේ නෛතික ගැටලු කිහිපයක් ඇති බවත්
සෙසු රෝහල්වල මෙන්ම මහරගම අපේක්ෂා රෝහල තුළ ද මේ වනවිට ඖෂධ හිඟයක් මතුව ඇතැයි වෛද්‍යවරු පවසති.
ශ්‍රී ලංකාවේ පුහුණු වෘත්තිකයින්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සඳහා ඕමානයේ වානිජ හා කර්මාන්ත මණ්ඩලයේ ඉහළම දායකත්වය ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
යල් පැන ගිය ඇතැම් බන්ධනාගාර පනත් ගැළපෙන පරිදි සංශෝධනයට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ළමා ආරක්ෂාව පිළිබඳ විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහනට අයදුම්පත් භාර ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
ඉන්දියානු සාගර සම්පත්වලින් ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (CISM) වෙරළ වොලිබෝල් තරගාවලියේ මුලික වටයේ තරග මිගමුව වෙරළ තිරයේදි ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ ළමයින් සදහා වන දිවාසුරැකුම් මධ්‍යස්ථාන නියාමනය සදහා නිසිපරිදි රෙගුලාසි නොමැති වීම විශාල ගැටලුවක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පාර්ලිමේන්තුවේදී පැවසිය.
2023 - 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දෙනුම් දෙයි.
Page 118 of 718