Monday, June 16, 2025
Follow Us
දක්ෂිණ අධිවේගයේ රිය අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සහ බද්දේගම අතර 92 වැනි කිලෝමීටරයේ දී ඊයේ (09) සවස ලොරි රථයක් පෙරළීයාමෙන් අධිවේගී මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල විය.

මෙම අනතුරෙන් තුවාල ලැබූ රියැදුරු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය.

අනතුරට ලක්වූ ලොරියේ අසුරා තිබූ පිටිකළ පොල්කිරි පෙට්ටි මාර්ගයේ විසිරී තිබුණු ආකාරය දක්නට ලැබිණි.

දකුණු අධිවේගී මාර්ගයේ මාතර දෙසට ඇති මං තීරු දෙකෙන් එකක් 92වැනි කිලෝමීටරය අසලින් අවහිරව තිබූ අතර අනෙක් මංතීරුව ඔස්සේ රථ වාහන ධාවනය සිදුකළ බව අධිවේගී පොලීසිය පැවසීය.