Monday, June 16, 2025
Follow Us
යුක්තියට 663 ක් කොටු වෙයි

ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වල දී සැකකරුවන් 663 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 547ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116ක් සිටින බව පොලිසිය පවසයි.

ඔවුන් සතු ව තිබී, හෙරොයින් 175gයි 191mgක්, අයිස් 171g‍යි 197 mgක්, ගංජා  515gයි 538 mgක්, ගංජා පැළ 807ක්, මාවා 77gයි 200mgක්, මත්පෙති 296ක්, මදන මෝදක 85gක් පොලිස් භාරයට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 547 දෙනා අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 04 දෙනෙකු සිටින බව සඳහන් ය.

රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරන සැකකරුවන් දෙදෙදෙනකු සිටින අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් දෙදෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත ද යොමු කර ඇත.