Monday, June 16, 2025
Follow Us
ජැක්සන්ලා 18ක් මාට්ටු වෙයි

පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් ඇතුළු කුඩා දරුවන්ට විවිධ ලිංගික අතවර කළ බව කියන පුද්ගලයන් 18 දෙනකු ඇතුළු 42 කු පළමු දිනයේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඒ අතර පුද්ගලයන් 24 නා ගැට කපන්නන් බව පොලිසිය කියයි

කාන්තාවන් ඇතුළු කුඩා දරුවන්ට විවිධ ලිංගික හිංසනයන් පොදු ප්‍රවාහන සේවා වලදී දෛනිකව පොලිස් ස්ථානවලට වාර්තා වන පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සිදු කරන ලද විශේෂ මෙහෙයුමේ පළමුදිනයේදී සැකකරුවන් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත

මගි ජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පෙරවරු 8 සිට 10 දක්වා පස්වරු 5 සිට 7 දක්වා කාලය තුළදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් කණ්ඩායම් වශයෙන් මෙහෙයුමට යොදවා සැකකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට හැකි වූ බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි