නෙදර්ලන්ත රජයේ සහයෝගය මත රුපියල් මිලියන 3329ක වියදමින් වව්නියාව දිස්ත්රික් මහ රෝහලේ ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (26) විවෘත කෙරිණි.
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ප්රජා පොලිස් කමිටු සාමාජිකයින් 20,000ක් සමඟ ශ්රී ලංකා පොලිසියේ නිලධාරීන් 180,00ක් මහජනතාවගේ ආරක්ෂාව සහ පහසුව සඳහා යොදවා තිබේ.
කොළඹ මහනගර සභා බල ප්රදේශය තුළ ඇති හඳුනාගත් අධික අවදානම් සහිත ගස් ඉදිරියේදී කපා ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බව ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
Kabosu, the Japanese dog that became a global meme and the face of alternative cryptocurrency Dogecoin has died at 18, her owner announced in a blog post on Friday.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.
ඉදිරියේදී ගංවතුර තත්ත්වයක් ඇතිවුව හොත් ඊට මුහුණ දීම සඳහා කණ්ඩායම් 42 ක් සූදානම් කර ඇතැයි නාවික හමුදාව පවසයි.
දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුලුන ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුන පරිශ්රයේ ඉතිහාසයේ ප්රථම වතාවට සංවිධානය කෙරුණු මහා පිරිත් සජ්ඣායනා පුණ්ය ක්රියාව ප්රවාහන, මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි. අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව, නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම එක්ව වෙසක් උත්සවයට සමගාමීව රටට, ජාතියට සෙත් ප්රාර්ථනා කරමින් මෙම මහ පිරිත් දේශනය සජීවීව ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි.
ජර්මනියේ පැවැති Anhalt 2024 මලල ක්රීඩා ශුරතා තරගාවලියේ දී තත්පර 10.16ක කාලයක් සමඟින් පිරිමි මීටර 100 ඉසව්වේ ප්රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (24) සමත් විය.
මෙරට මාතෘ හා ළමා සෞඛ්ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් සෞඛය සේවා අභ්යාසලාභීන් දහසක් (1000) පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්රධානෝත්සවය සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් සහ සෞඛ්ය රාජ්ය අමාත්ය විශේෂඥ වෛද්ය සීතා අරඹෙිපොල මහත්මියගේ සහභාගීත්වයෙන් ඊයේ (21) අරලියගහ මන්දිරයේ දී පැවැත්විනි.
මෙරට සංගීත ක්ෂේත්රයට ඉමහත් සේවාවක් ඉටුකළ අති දක්ෂ සංගීතඥයෙක් වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත විය.
දැනට රෝගාතුරුව පසුවන උතුරු පලාත් සභාවේ හිටපු ප්රධාන අමාත්ය, පාර්ලිමේන්තු මන්ත්රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එක් විය.
අයහපත් කාලගුණයත් සමඟ දිවයින පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම් ඉතා ඉක්මනින් දැනුම්දිය හැකි නව ක්රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ.
ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්රීඩා ශූරතා තරගාවලයේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඉන්දික ගමගේ අද (20) සමත්විය.
Page 104 of 769