Friday, May 08, 2026
Follow Us
ජනපති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසයි

දැනට රෝගාතුරුව පසුවන උතුරු පලාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

යාපනයේ පිහිටි විග්නේෂ්වරන් මහතාගේ නිවසට ඊයේ (25) රාත්‍රියේ පැමිණි ජනාධිපතිවරයා ඒ මහතාගේ සුව දුක් විමසමින් සුහද කතා බහක නිරත වූ අතර ඒ මහතා වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.