අනාගත සමාජ අභියෝගවලට මුහුණ දීම සඳහා සුවිශේෂී නායකත්ව ගුණාංගයන්ගෙන් යුත් ජවසම්පන්න, දැනුමෙන් සන්නද්ධ, විනයගරුක පුරවැසියන් බවට තරුණ ප්‍රජාව හැඩගැන්වීම අරමුණු කර ගත් ශ්‍රී ලාංකේය තරුණ විරුවන් ඇගයීම සඳහා වන ‘ජාතික තරුණ විරු සම්මානය’ හඳුන්වා දීමේ ක්‍රියාන්විතය ජාතික ශිෂ්‍යභට බලකාය හරහා සිදුකරන බව වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
ලන්දේසින් විසින් බලහත්කාරයෙන් රැගෙන ගිය ඓතිහාසික කෞතුක භාණ්ඩ රැසක් ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් දිවයිනට රැගෙන එයි.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරුවෙකු එහි සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා 23ක් ඇතුඵ උපාංග රැසකට හානි සිදු කර ඇති අතර එම සිදුවීම සම්බන්ධයෙන් එදින රාජකාරියේ නියුතු නිලධාරීන් සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කර ඇති බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි.
2024 මාර්තු මාසයට යෙදී තිබෙන කොළඹ වෙස්ලි විද්‍යාලයේ 150 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධාන වන විශේෂ වැඩසටහන් අතර රුක් රෝපණ වැඩසටහනක් පසුගියදා පැවැත්විණ.
බැඳ සිටින අත් ඔරලෝසුව තුළ මත්කුඩු පැකට් සඟවා රැගෙන ගිය පුද්ගලයෙක් අත්අංගුවට ගත් බව මොරගහහේන පොලීසිය කියයි.
අසනීප තත්වයකට ප්‍රතිකාරයක් ලෙස ශාන්තිකර්මයක් සිදුකල යුතු බවට පවසා නිවසට ගෙන්වා ගත් තරුණියකට ලිංගික අපයෝජනක් සිදුකල බවට චෝදනාවක් මත අත් අඩංගුවට ගෙන සිර මැදිරිය තුල රදවා සිටි සැකකරුවකු නූලක ආධාරයෙන් සිර කුටියේ දොරෙහි හරහට සවිකර තිබූ යකඩ පටියක එල්ලී ගෙල වැළලාගෙන මිය ගොස් ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි
ත්‍රිකුණාමලය නගරයේ පිහිටි පැරණි ලන්දේසි ගොඩනැඟිල්ල පිහිටි ඉඩම් කොටස සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට අදාළ සඳහා අනුමැතිය ලබාගැනීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 72 කින්ද, පාසල් 53 කින්ද ඩෙංගු මදුරු කීටයන් සිටින ස්ථාන හඳුනාගෙන තිබේ. කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් රජයේ ආයතන 121 ක් සහ පාසල් 65 ක කරන ලද පරීක්ෂාවේදී ඩෙංගු මදුරු කීටයන් බෝවෙන ස්ථාන හඳුනාගෙන ඇත.
වැසි සහිත කාලගුණයක් ගැන අසන්නට ලැබෙන විට ගංවතුර , නායෙ යෑම් වැනි ජීවිත අවදානම් ගෙනෙන ස්වභාවික ව්‍යයසන ගැන අපට සිහියට නැගෙන්නෙ නිතැතින්මයි. නමුත් මෑත කාලයේ දී එවැනි කාළගුණ තත්වයක් ගැන ප්‍රවෘතියත් සමඟම අප මතකයට නගාගත යුතු එවැනිම තවත් අවදානමක් තිබෙනවා. ඒ සීග්‍ර ඩෙංගු ව්‍යාප්තියක අවදානමයි.
ශ්‍රී ලංකා ජනරජයේ රුපියල් බිලියන 2.26 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය සඳහා වූ දස මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම අද (26) උදෑසන බදුල්ල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේදි සිදු කෙරිණි.
ලංගම ආයතනයේ පැවැති වංචා දූෂණ පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා බස්නාහිර පළාත භාරව කටයුතු කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අධ්‍යක්ෂ පසුගිය සතියේ පත් කළ බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රටවල් හතක සංචාරකයින් සඳහා ගාස්තු අය නොකර වීසා ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයින පුරා වැසී තිබෙන හා වැසීයාමට ආසන්න තත්වයේ තිබෙන රෝහල් නැවත ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අමාත්‍යවරයා මෙසේ උපදෙස් දෙන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ අද (27) පැවති සාකච්ජාවකදීය.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ (29) වැටලීම් කර තිබේ.
විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් පළාත් පාලන ප්‍රධානීන්ට උපදෙස්.
• රාඡ්‍ය ආයතන තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා මැඩපැවැත්වීමට නම් සෑම පළාත් පාලන ආයතනයකටම තොරතුරු තාක්ෂණ නිලධාරියෙකු (IT Officer) පත්කරන්න - පළත් ප්‍රධානීන් කාරක සභාවෙන් ඉල්ලයි.
අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කරයි.
Page 103 of 743