වර්ෂාව ලැබීමත් සමඟ කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දේශීය කර්මාන්ත වල නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමේ අරමුණින්, “සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන (RECP) ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීම” වැඩසටහන යටතේ කළමණාකරණ මට්ටමේ විශේෂඥ පුහුණු වැඩසටහනක් අද (16) කර්මාන්ත අමාත්යාංශයේදී පැවැත්වුණි.
අපොස සාමාන්ය පෙළ විභාගයේ ඉංග්රිසි ප්රශ්න පත්රයේ කොටස් කිහිපයක් වට්ස්ඇප් සමූහයකින් සිසු පිරිසකට මුදාහැරියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකපිට අත්අඩංගුවට ගත් කටුගස්තොට අඹතැන්න කුඩුගල ප්රදේශයේ පදිංචි හැට දෙහැවිරිදි උපකාරක පංති ගුරුවරයකු මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
ඉරාන ජනාධිපති ඊබ්රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්ය පරිපාලන අමාත්යාංශ පවසයි.
ක්ෂුද්ර, කුඩා හා මධ්යම පරිමාණ ව්යවසායකයින්ගේ ගැටලු විසඳාදෙමින් ව්යවසායකත්වයට උචිත පරිසරයක් නිර්මාණය කරදීම හා ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින් ක්ෂුද්ර, කුඩා හා මධ්යම පරිමාණ ව්යවසායකත්ව සංසදය හා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය පසුගියදා ද්වීපාර්ශවික අවබෝධාත්මක ගිවිසුමකට අත්සන් තැබිය.
ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු විය.
මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයකුම සිය සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේදී ශ්රී ලංකාවේ තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ගුවන්තොටුපොළේදී ලබා දීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා විසින් යෝජනා කර ඇත. Ceylon Tea නාමය ලොව ප්රචලිත කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වේ.
11වන කිනාමි මිශිටාකා අනුස්මරණ මලල ක්රීඩා උළෙල මේ දිනවලදී ජපානයේදී පැවැත්වෙයි.
තරුණ කෘෂි ව්යවසායකත්ව ගම්මාන 160ක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් කෝටි 160ක (රු.මිලියන 1600ක) මුදලක් මෙවසර තුළ වෙන් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය විසින් පියවර ගෙන ඇත.
වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදු කරනු ලබන සැරසිලි සඳහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස මධ්යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ජර්මන් ටෙක් ආයතනයේ සිසුන් වෙනුවෙන් අත්තිඩියේ ඉදි කළ නව සය මහල් නේවාසිකාගාර සංකීර්ණය සිසු අයිතියට පත් කිරීම පසුගියදා සිදු කෙරිණි.
රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය පවසයි.
ඔබ පිනක් අරමුණු කරගෙන බුදුන් වහන්සේගේ තෙමගුල උදෙසා දන්සැලක් පැවැත්වීම සඳහා බලාපොරොත්තු වෙනවා නම්...
ඒ සදහා සපුරාලිය යුතු අවශ්යතා සපුරා නැති නම් , ඔබට දන්සැලක් පැවැත්වීමට සුදුසු තත්වයක් නොමැත..
අපොස සාමාන්ය පෙළ විභාගයේ විභාග ශාලා සුපරීක්ෂණයට අතිරේක නිලධාරීන් යෙදවීමට පියවර ගත් බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පැවසීය.
’45 Under 45′ ව්යවසායකත්ව විශිෂ්ටතා සම්මාන ප්රදානෝත්සවය කොළඹ ගාලු මුවදොර හෝටලයේදී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ(16) පැවැත්විණි.
කර්මාන්ත අමාත්යාංශය මෙතෙක් සිදුකළ නිෂ්පාදන කර්මාන්ත ලියාපදිංචි කිරීම, මාර්ගගත ක්රමවේදය ඔස්සේ සිදු කිරීමේ ඩිජිටල් මෙහෙයුම ජනගත කිරීම කර්මාන්ත හා සෞඛ්ය අමාත්ය වෛද්යය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් අද (14) කර්මාන්ත අමාත්යාංශයේදී සිදුකෙරිණි.
රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) ඔසුසල ජාලයේ 55 වන ඔසුසල අම්බලන්ගොඩ නගරයේ දී විවෘත කෙරේ.
රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවේ අම්බලන්ගොඩ රාජ්ය ඔසුසල ශාඛාව ඊයේ (11) සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කෙරිණි.
Page 105 of 769