පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම කලාපයක් ලෙස සංර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ කොළඹ පිහිටි "එයිටි ක්ලබ්" පැරණිමත සමාජ ශාලව සංවර්ධනය කර ජනතාවට විවෘත කෙරිණි.
අනතුරු හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් 32ත් 35ත් අතර පිරිසක් මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෑම පැය තුනකට වරක් ම අනතුරු නිසා පුද්ගලයින් හතර දෙනෙකුට ජීවිත අහිමි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි.
රුපියල් කෝටි 29 කට ආසන්න වටිනාකමින් යුත් තඹ කම්බි කටුනායක අධිවේගී මාර්ගයෙන් සොරු කපාගෙන ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
රජයේ විශ්වවිද්‍යාලයන්ට පමණක් නොව, පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අවස්ථාව ලැබෙන ආකාරයට දරුවන්ට පහසුකම සලසා දීම වැදගත් බවත්, ඒ සම්බන්ධයෙන් වන ණය ක්‍රමයේ දැනට මතුව ඇති මුල්‍ය ගැටලු විසඳීමට රජය කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අද(23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව දිවයින පුරා පාසල් කේන්ද්‍ර කොට ගෙන ආරම්භ කරන ලද 'පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව' වැඩසටහනේ ජාතික උත්සවය කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නාලන්ද විද්‍යාලයේ දී ඊයේ (27) පැවැත්විණි.
මුහුණු පොතෙහි දැන්වීම් පළ කර අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුල පැවැත් වූ සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමගින් තරුණයන් 12දෙනෙකු අත් අඩංගුවට ගත් බව සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
"Industry 2023" ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ඊයේ (22) ආරම්භ විය.
සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය ස්ථාපිත කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මේ දිනවල වාර්තාවන අපරාධ රැසකට නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ සංසරණය ප්‍රධාන හේතුවක් වී ඇති බැවින් ඒවා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩි කිරීමට පොලීසිය තීරණය ඇති බව වාර්තා වෙයි.
රේගුව මගින් අත්අඩංගුවට ගැණුන රුපියල් කෝටි 65ක් වටිනා හෙරොයින් තොගය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ නිරීක්ෂණයට ලක් වෙයි.
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්ත රජය සහ ගගන් මලික් පදනමේ ආරාධනයෙන්, ජාත්‍යන්තර සාම සමුළුව සහ ගෝලීය සාම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ප්‍රධාන දේශක වශයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා සහභාගි විය.
සීතාවකපුර නගර සභාවේ වැඩ බලන ලේකම් සහ ආදායම් පරීක්ෂකවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට පෙරත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විසින් අත්අඩංගුවට ගෙන ඇපමත නිදහස්ව සිටි කාන්තාවක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිලිවලට පෙනි සිටිමට පැමිණි අවස්ථාවේදී කාර්යංශ නිලධාරීන් විසින් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා කිසිඳු බාහිර පාර්ශ්වයකට මුදල් ලබා නොදෙන ලෙස ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට දැනුම් දෙයි.
සිය පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් බව පවසමින් විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් එක් රැස්කරන ජාවාරම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුවන බවත් එවැනි පුද්ගලයින් සමග සිදුකරන ලබන කිසිදු ගනුදෙනුවකට හෝ පොරොන්දුවකට තමන් වග නොකියන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කර සිටී.
Page 99 of 718