ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්බව වැඩිකිරීමේ සැසියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
අනුරාධපුර අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ විසින් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට අනුව අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධි මළුව දක්වා විශේෂ මගී ප්‍රවාහන බස් රථ සේවාවක් ආරම්භ කිරීම නිකිණි පුර පසළොස්වක පෝය දිනට සමගාමීව සිදු කෙරිණි.
කට්ටකඩුව ජලාශය නියඟය නිසා සිඳී යාම හේතුවෙන් ඇති වන පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙස චන්ද්‍රිකා වැවෙන් කට්ටකඩුව ජලාශයට වතුර ලබා දීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන සිනමාව විෂයක් ලෙස විෂය නිර්දේශයට ඇතුළත් කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යෙය් දෙවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අද (27) රාත්‍රී යෙදෙන සුබ මොහොතින් සිදු කිරීමට නියමිතියි.
මව්බිමට සිය අභිමානවත් සේවාවක් ඉටුකරනු ලබන C-130 හර්කියුලිස් ගුවන් යානා හා AN 32 (ඇන්ටනෝව්32 ) ප්‍රවාහන ගුවන් යානාවලින් සමන්විත ශ්‍රි ලංකා ගුවන් හමුදා "Heavy Lifters", අංක 2 ප්‍රවාහන බලඝණය සිය 66 වන සංවත්සරය අද (සැප්තැම්බර් 01) අභිමානවත් අයුරින් සමරනු ලබයි.
සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (30) රාත්‍රී වීදි සංචාරය කෙරේ.
සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල පොලී අනුපාත අගෝස්තු 25 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝගයක් නිකුත් කර තිබේ.
නීති අධ්‍යයන සභාව විසින් 2023 මැයි 15 වැනි දින නිකුත් කළ අංක 2332/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් පසුගියදා පැවති අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු වී තිබේ.
නෙළුක්කුලම පොලිස් වසමේ භාරතීපුරම් ප්‍රදේශයේ කුඩා දැරියක් වතුර ටැංකියකට වැඩීමෙන් මරණයට පත්ව තිබේ.
පරිසර දූෂණය සඳහා වැඩි වශයෙන් දායක වන පොලිතීන් ජීර්ණය කරවන දිලීරයක් සොයාගැනීමට කැලණිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයන්හි පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ.
රටේ ධනාත්මක වෙනසක් සිදුකල හැකි ගාමක බලවේගය වන්නේ උගත් තරුණ පරපුර බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
මෙරට කිරි කර්මාන්තයේ සංවර්ධනය සඳහා තාක්ෂණික ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය මුල්‍ය හා තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා USAID ආයතනයට ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළේය.
වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 06ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධව ගිවිසුම් 02ක් ඊයේ (28) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී අත්සන් කෙරිණි.
ලංකා ධීවර සංස්ථාව වර්තමාන වෙළෙඳපොළට සරිලන පරිදි යාවත්කාලීන කරමින් ධීවර සංස්ථා මත්ස්‍ය නිෂ්පාදන UBER, PICKME හරහා ගෙදරට ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන්ට අවකාශය උදාකර දී ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.
Page 98 of 726