Tuesday, November 11, 2025
Follow Us
Social and Equity

නඩත්තු කටයුත්තක් සඳහා තාවකාලිකව වසාතිබූ මාතලේ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (20) සිට යළි ඇරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Social and Equity

හම්බන්තොට - නව පොල්පිටිය 220 ක්V අධි වෝල්ටීය විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ අවසන් වැඩ කටයුතු සිදුකෙරෙමින් පවතින හෙයින්, හම්බන්තොට - නව පොල්පිටිය ‍රැහැන් මාර්ගය අවට කලාපය තුල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ලංකා විදුලිබල මණ්ඩල ජනතාවගෙන් ඉල්ලා සිටි ‍.

Social and Equity

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ කප්සිටුවිමේ චාරිත්‍රය සිව්මහ දේවාල වලදී අද(17) අළුයම සිදු කෙරුණි.

සෙංකඩගල ඇසල පෙරහැර මංගල්‍යයේ කප කැපීම සහ කප වැඩම කිරීම ඊයේ අලුයම යෙදුනු සුබ මොහොතින් සිදු විය.

මහනුවර දේවාලය හා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය එක්ව කිරි සහිත ඵල නොදැරූ ගසක් රිදී පොරවකින් කැපීම සිදු කළේය. ඒ සඳහා තෝරාගත් ගස වටා පිරිසිදු කර තිර ඇද සුවද පැනින් නාවා දුම් ඇල්ලීමෙන් අනතුරුයි මෙම කාර්ය සිදු කෙරුණි.

මහනුවර විශ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්නායක මහතා විසින් රිදී පොරව භාරදී අදාළ වෘක්ෂය කැපීමට අවසර ලබාදීම සිදු කළේය. ඉන් පසු සකස් කරන ලද එම කප සුදු රෙදිකඩින් ඔතා උඩු වියන් යටින් පෙරහැරින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය වෙත ඇතුපිටින් වැඩම කිරීම සිදු විය.

මෙසේ වැඩම කළ කප විෂ්ණු ,නාථ , පත්තිනි හා කතරගම යන සිව්මහා දේවාල වල සිටුවීම අද අළුයම සිදු කෙරුණි.

ඒ අනුව 2023 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් ප්‍රථමයෙන් ඉටුකළ පුරාතන චාරිත්‍රය එසේ අවසන් වන විට අද දින පටන් නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව්මහා දේවාල අභ්‍යන්තර පෙරහර ආරම්භ වනු ඇත.

Social and Equity

මහනුවර දළදා මාලිගාවේ ඇසළ උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර රැසක් මේ මස 25 වැනිදා සිට 30 වැනිදා දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Social and Equity

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගී දරුවන්ගේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් එම රෝහලේ අබලන් වූ ඇඳන් ඇතුළු අනෙකුත් උපකරණ නාවික හමුදාවේ දායකත්වයෙන් අළුත්වැඩියාකර එම රෝහල වෙත භාරදීම ඊයේ  (17)  සිදුකෙරිණි.

Social and Equity

දිලීර රෝගයක් හේතුවෙන් ලංකාවේ ප්‍රදේශ කිහිපයක සාදික්කා වගාව අවධානමක ලක් ව ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

Social and Equity

සංරක්ෂණය කරන ලද ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට අද(19) සිට අවස්ථාව හිමිවේ.

Social and Equity

පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සමහර රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අද හෙටම ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ  සභාපතිනී  විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

Social and Equity

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර හමුවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Social and Equity

පාර්ලිමේන්තු කමිටු කාමරයකින් කොට්ට දෙකක් සහ මෙට්ටයක් හමුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Social and Equity

රැකියාවන්වල නියුතු ශ්‍රමිකයින්ගේ රැකියාවක් අහිමිවන විට රක්ෂණ ක්‍රමවේදයක් හරහා වන්දි මුදල් ලබාදීම ඇතුළු කම්කරු ආරක්ෂණය වෙනුවෙන් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන්වලට අදාලව ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් කරනු ලබන ක්‍රියාකාරී අධ්‍යයන් පිළිබද අමාත්‍යවරයා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ඉහළ නිලධාරීන් කණ්ඩායම් සමග තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්විණ.

Social and Equity

2022 /2023 වසර සඳහා ජනාධිපති නීතිඥවරයන් පත් කිරීම සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් තෝරා ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

Social and Equity

මිහින්තලය ආර්ථික නගර සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව, අනුරාධපුර සිට මිහින්තලය දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

Social and Equity

වවුනියාව දිස්ත්‍රික්කයේ කලාප ක්‍රීඩා තරඟවලට සහභාගි වු පාසල් දරුවන් දෙදෛනකු ක්‍රීඩා තරඟ පැවැත්වු ක්‍රීඩාංගනය අසළ වතුර වළකට වැටීමෙන්  ඊයේ (17) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව පූවරසන්කුලම පොලිසිය පවසයි.

Social and Equity

නව ගෙවීම් ක්‍රමවේදයක් සකස් කරන තුරු “අස්වැසුම” ප්‍රතිලාභ වැඩසටහන යටතේ වකුගඩු රෝගී, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා නොවෙනස්ව පෙර පැවති පරිදි පුද්ගලයන් 647,683 ක් සදහා ගෙවීමට ප්‍රතිපාදන වෙන් කර ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ගෙවිම සිදුකිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

Social and Equity
  • නවගමුව ශ්‍රි පුරාණ සත්පත්තිනි දේවාලයේ ඇසල පෙරහැර සංචාරක ආකර්ෂණ සඳහා ප්‍රවර්ධනය කළ හැකියි

මහනුවර ඇසළ පෙරහැර හා ගංගාරාම පෙරහැර මෙන් නවගමුව ශ්‍රි පුරාණ සත්පත්තිනි දේවාලයේ ඇසල පෙරහැර සංචාරකයින්ගේ ආකර්ෂණ සඳහා ප්‍රවර්ධනය කිරිමට හැකියාවක් ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ, නවගමුව ශ්‍රි සත්පත්තිනි මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය පිළිබඳව ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

නවගමුව ශ්‍රි සත්පත්තිනි මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය  (17) දිනයේ දි ආරම්භ විණි.එය මේ මස 19 දින සිට සැප්තැම්බර් 02 දින දක්වා පැවැත් වේ.

 මඩු පේ කිරීම,ගිනිමඩු මහා මංගල්‍යය හා ගරායක් ශාන්ති කර්මනාදිය විවිධ අංග වලින් පෙරහැර මංගල්‍යය සමන්විත වේ.

නවගමුව ශ්‍රි සත්පත්තිනි මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය කාලසටහන පහත පරිදි වේ.

අගොස්තු 19 - කුඹල් පෙරහැර
අගොස්තු 20 -21 මල් පෙරහැර
අගොස්ත්‍ර 23 -24 -25 පාවඩ පිට පෙරහැර
අගොස්තු 26 -27-28 ගොන්පිට රන්දෝළි පෙරහැර
අගොස්තු 30 -31 හා සැප්තැම්බර් 01-02 දින අලි ඇතුන්පිට මහා රන්දෝළි පෙරහැර
සැප්තැම්බර් 03 අලුයම දියකැපිම හා ගෙවැදිම
සැප්තැම්බර් 08 රාත්‍රිය මඩු පේ කිරිම
සැප්තැම්බර් 09 ගිනමඩු මහා මංගල්‍යය
සැප්තැම්බර් 10 ගරායක් ශාන්ති කර්මය

Social and Equity

අවුරුදු 35ත් 45ත් අතර සියලුම කාන්තාවන් ගැබ්ගෙල සහ පියයුරු පිළිකාවන් හඳුනාගැනීම සඳහා තම සෞඛ්‍ය බලප්‍රදේශයේ පැවැත්වෙන සුවනාරී සායනවලට යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කර තිබේ.

Social and Equity

ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අතිරේක සොලිසිටර් ජනරාල් අජිත් මිලින්ද පතිරණ, නීති කෙටුම්පත් සම්පාදිකා එස්.ඒ. දිල්රුක්ෂි සහ අතිරේක නීති කෙටුම්පත් සම්පාදිකා ඩී. දමයන්ති කුලසේන යන මහත්ම මහත්මීන් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර තිබෙන අතර එම මහත්ම මහත්මීහු අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.