Tuesday, June 10, 2025
Follow Us
පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අදයි
ශ්රී බු.ව. 236 දේවානම් පියතිස්ස නිරිඳුන් රාජ්ය කරන සමයෙහි මිහිඳු මහ රහතන් වහන්සේ ප්රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන මහරහතන් වහන්සේලා ද සුමන සාමණේරයන් ද භණ්ඩුක උපාසක තෙමේ ද සිරිලකට වැඩම කර ලක්දිව බුදුසසුන පිහිට වූයේ අද වන් පොසොන් පොහෝ දිනකයි.
මෙදින මිස්සක පව්වට හෙවත් මිහින්තලයට වැඩම කළ අනුබුදු මිහිඳු හිමියන්ට දැක ගැනීමට ලැබුණේ මුව දඩයමේ යන දේවානම් පියතිස්ස නිරිඳුන් ය.
 
"සමනාමයං මහාරාජ ධම්ම රාජස්ස සාවකා තමෙව අනුකමිපාය ජමිබුදීපා ඉධාගතා"
“මහරජ අප ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්රාවක ශ්රමණයෝ වෙමු, ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු”
 
අඹ පැනය විමසා, චුල්ලහත්ථිපදෝපම සූත්රය දේශනා කිරීමෙන් සිරිලකට බුදුදහම දායාද වූයේ ශ්රී ලාංකික බෞද්ධ ජනතාවට ඉතා සුවිශේෂී පොහෝ දිනයක් බවට පොසොන් පොහොය පත් කරමිනි.
මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ පැමිණි භණ්ඩුක උපාසක මහණ උපසම්පදා කරමින් ලක්දිව ප්රථම මහණ උපසම්පදාව ද මෙදින සිදු විය.
එපමණක් නොව බුදු වී තුන්වන සතියේ රුවන්ගෙයි වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කළ බුදුරදුන්ගේ ශරීරයෙන් සවනක් ඝණ බුදුරැස් විහිදීම ද සිදු වූයේ පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයකදී ය.
මෙවරත් පොසොන් මංගල්යය වෙනුවෙන් රට පුරා ආමිස හා ප්රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් පිංකම් නොඅඩුව සංවිධාන කර ඇත.
ඒ වෙනුවෙන් අපිත් සැදැහැ සිතින් පෙළගැසෙමු.
ඔබ සැමට පින්බර පොසොන් මංගල්යයක් වේවා!!!