Saturday, May 09, 2026
Follow Us
රැඳවියන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාව

පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවූවන් පිරිසක් සඳහා විශේෂ රාජ්‍ය සමාවක් හිමිවී තිබේ.

 බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවූවන් 289 දෙනෙකු සඳහා අද (21) දිනයේ විශේෂ රාජ්‍ය සමාව ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පැවසීය.

Aruna