Friday, May 23, 2025
Follow Us
කතරගම ඇසළ මංගල්‍යය ලබන 26 වනදා
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2025 ඇසළ මංගල්යය ලබන 26 වැනි දින ආරම්භ වේ.

 

ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මුලික රැස්වීම ඊයේ (22) දින කතරගම කිරිවෙහෙර රාජමහා විහරස්ථානයෙි දීි පැවැත්විණ.
 
එහිදි බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ ලබන ජුනි 26 වැනි දින පෙරහැර ආරම්භ කර ජුලි 10 දක්වා පෙරහැර පවත්වා ජුලි 11 වැනි දින මැණික් ගඟේ දිය කැපිමේ මංගල්යය සිදු පෙරහැර මංගල්යය අවසන් වන බවයි.
 
පාද වන්දනාව සඳහා පිවිසිමට කුමන හා යාල වන උද්යානය බැතිමතුන් සදහා විවෘත කිරිම ජුනි 20 සිදු කරන බව වනජිවි නිළධාරින් මෙහිදි සදහන් කරන ලදි.
 
මාතර තංගල්ල කොට්ඨාස බාර නියෝජ්ය පොලිස්පති නිෂාන්ත සොයිසා මහතා සඳහන් කළේ ඇසළ මංගල්යය වෙනුවෙන් පොලිස් නිළධාරින් 1200 ක් යෙදවන බවත් රථ වාහන පරික්ෂාව සහ මත් ද්රව්ය වැටලිම් සිදුකර විශේෂ සේවාවක් පොලිසිය විසින් සිදු කරන බවයි.
 
බැතිමතුන්ගේ පහසුව පිණිස ලංගම හා පෞද්ගලික බස් සේවා එකා බද්ධ වැඩ සටහනක්ද දුම්රිය 05 ක් යොදවා ඇති බව දුම්රිය නිලධාරින් මෙහිදි පෙන්වා දුන්නේය.