පෞද්ගලික බස් රථ කර්මාන්තය නංවාලීම සඳහා බස් රථ මිලදී ගැනීමට සියයට හතරක සහන පොලිය මත ණය ලබාදීමට ඊයේ (17 වැනිදා) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර පැවැසීය.
විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකිකයින් ලියාපදිංචි කිරීමේ කටයුතුවල දෙවන අදියර අද (17) යළි ආරම්භ කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පියාට මාළිගාවත්ත ප‍්‍රදේශයේදී තියුණු ආයුධයකින් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ත‍්‍රීරෝද රථයකින් පැමිණි තිදෙනෙකු විසින් ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අවසන් කිරීමට ස්ථිරවම පියවර ගන්නා බව ප‍්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ක්‍රෙඩිට් කාඩ් සඳහා පොලිය 15% දක්වා අඩු කරන ලෙස රජය විසින් සියලුම රාජ්‍ය හා පුද්ගලික බැංකුවලට නියෝග කර තිබියදීත් අදාළ බැංකු අතරින් බොහොමයක් ඒ සඳහා තවමත් 28%ක පොලියක් අය කරන බව වාර්තා වේ.
බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර ලබන සඳුදා සිට කි‍්‍රයාත්මක කරන බව මගී ප‍්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය පවසනවා.
ප්‍රමාණවත් තොරතුරු ලැබී තිබියදී පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ලබන ඔක්තෝබර් 23 වැනිදා නැවත කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) තීරණය කළේය.
කොරෝනා වෛරස් ආසාදනය වැළඳී සම්පූර්ණ සුවය ලැබූ අයකු නැවත කොරෝනා වෛරසයට ගොදුරු වුවද, එම ආසාදිතයාට සමාජයේ වෙනත් අයට වෛරසය පැතිරවීමේ හැකියාවක් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් පස්දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Fort Magistrate Ranga Dissanayake today ordered the Criminal Investigations Department (CID) to arrest former Central bank Governor Arjuna Mahendran and Ajahn Gardiya Punchihewa over the treasury bond scam case.
පැහැර ගැනීමකට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප‍්‍රැන්සිස් සිද්ධියට සම්බන්ධ රහස් තොරතුරු ඇතුළත් පරිගණකය මාස 7 කට පසු කොළඹ නිවසක තිබියදී රහස් පොලිසියේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් සහතික හා පැමිණිලි පිටපත් පැය විසිහතර පුරාම නිකුත් කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියලුම පොලිස් ස්ථානවලට චක්‍ර ලේඛයක් මගින් දැනුම් දී ඇත. .පොලිසියෙන් ලබාගත යුතු පැමිණිලි සහතික පිටපත් පොලිස් සහතික ඇතුළු නිල ලේඛන පොලිස් ස්ථාන මගින් සවස 4.15න් පසු නිකුත් නොකරන බවට ලැබී තිබෙන තොරතුරු අනුව පොලිස්පතිවරයා මෙම චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. පොලිස් සහතික-පැමිණිලි පිටපත් රාත්‍රියෙත් ගන්න පුළුවන් අයකරන මුදලට රිසිට්පත් අනිවාර්යයි.
Following the opening of the Sri Lanka's first underwater museum in Galle, the Navy is also planning to build two more underwater museums in Trincomalee and Tangalle.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකුවේ නිලධාරීන්ගේ හැසිරීම සහ ඔවුන්ගේ ක්‍රියාමාර්ග ගැන සිදු කර ඇති ප්‍රකාශය තමන් පූර්ණ වශයෙන් පිළිගන්නා බවත් අර්බුදයක් මතුනොවන ආකාරයට මැදිහත්වීමට අවස්ථාව තිබුණද ශ්‍රී ලංකා මහ බැංකුව එය ඉටු නොකළ බවත් හිටපු මහ බැංකු අධිපති, අග‍්‍රාමාත්‍ය ආර්ථික කටයුතු උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.
85 technicians from Iran have arrived in Sri Lanka to complete the Uma Oya Multi-Purpose Development Project.
ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට හෙට (18) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
නීතිවිරෝධී සංක‍්‍රමණ සහ අනෙකුත් ජාවාරම් මැඩ පැවැත්වීමට දිවයින වටා වන සාගර කලාපයේ ආරක්ෂාව තර කර ඇති බව ශී‍්‍ර ලංකා නාවික හමුදාව පවසනවා.
Page 576 of 739