Tuesday, February 17, 2026
Follow Us
නව ව්‍යවස්ථාවක් සම්පාදනයට විද්වත් මණ්ඩලයක්

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් මණ්ඩලයක් පත්කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම විද්වත් මණ්ඩලය පත් කිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැුස්වීමේදී අනුමැතිය හිමිවුණි.

එහිදී නව ව්‍යවස්ථා සම්පාදනයට අදාළ කැබිනට් අනු කමිටුවක් ද පත් කෙරුණු අතර ඊට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු අමාත්‍යවරුන් 5 දෙනකු පත්කෙරිණි.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය විය යුතු කරුණු සහ 20 වන සංශෝධනයට ඇතුළත් විය යුතු කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීම මෙම අනු කමිටුවට අදාළ ප‍්‍රධාන කාර්ය වේ.

(Lanka Leads)