Tuesday, February 17, 2026
Follow Us
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණයක්

කොරෝනා වෛරසයෙන් මිදුනු දකුණු ආසියාවේ සක‍්‍රීය ගුවන්තොටුපළ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපල බවට පත් කරන බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී වී චානක පවසනවා.

සිය අමාත්‍ය ධුරයේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව ප‍්‍රථම වතාවට මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඉදිරියේදි මගී මෙහෙයුම් කටයුතු වැඩි වශයෙන් සිදු කරන බවත් ඒ සදහා අවශ්‍ය පී සි ආර් යන්ත‍්‍රයක් හා විද්‍යාගාරයක් ඉතා ඉක්මනින් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත ගුවන්තොටුපල ලෙස මත්තල ගුවන්තොටුපල පවත්වාගෙන යාම අපේක්ෂාව බවද රාජ්‍ය අමාත්‍ය ඞී වී චානක පවසනවා.

(Neth)