Sunday, August 17, 2025
Follow Us
නැගෙනහිර පළාත් සෞඛ්ය අමාත්යාංශ මාසික ප්රගති සමාලෝචන රැස්වීම පසුගියදා (14) නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්තලාල් රත්නසේකර මහතාගේ ප්රධානත්වයෙන් නැගෙනහිර පළාත් සෞඛ්යය අමාත්යංශ ශ්රවණාගාරයේ දී පැවැත්විණ.

නැගෙනහිර පළාතේ සෞඛ්යය අංශයේ හා සමාජසේවා, ළමා ආරක්ෂණ ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා සෞඛ්යය අමාත්යාංශය සතු ආයතන මඟින් පමණක් රාජ්ය අරමුදල් රුපියල් මිලියන 3,371.05 ක් වෙන් කර ඇති අතර, එම අරමුදල් මඟින් සිදුකෙරෙන ව්යාපෘතීන්හි ප්රගතිය පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණ.

පළාත් සෞඛ්ය සේවා දෙපාර්තමේන්තුව, දේශීය ආයුර්වේද වෛද්ය දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනයන්හි ව්යාපෘති ප්රගති සමාලෝචනය සිදු කරන ලදී.
 
ව්යාපෘති සියල්ල මෙම වසර අවසානයට පෙර සිදු කර අවසන් කරන ලෙස ආණ්ඩුකාරවරයා විසින් ආයතන ප්රධානීන්ට උපදෙස් ලබා දී තිබේ.