ඉතිහාසයේ පළමු වරට කොටස් මිල දර්ශකය ඒකක 20,000 ඉක්මවා යයි කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (15) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා යාමට සමත්වුණි. ඒ අනුව දිනය තුළ ඒකක 289.69 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 20,218.36 ක් ලෙසින් සටහන් විය.