Saturday, August 16, 2025
Follow Us
“විරුලිය” කාන්තා සවිබලකරණ වැඩමුළුව පොළොන්නරුවේදී
රණවිරු සේවා අධිකාරිය මගින් දිවිපිදු රණවිරුවන්ගේ සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ භාර්යාවන්, මව්වරුන්, දියණිවරුන් සඳහා පවත්වන "විරුලිය" කාන්තා සවිබලකරණ වැඩසටහන් මාලාවේ පොළොන්නරුව දිස්ත්රික් වැඩමුළුව අගෝස්තු 13 පොළොන්නරුව දිස්ත්රික් ලේකම් කාර්යාලයේ අභීරු ශ්රවනාගාරයේදී පැවැත්විණි.

මෙහිදී කාන්තාවන්ගේ කායික යහපැවැත්ම වැඩිදියුණු කරගන්නේ කෙසේද හා කාන්තා රෝග පිළිබඳව දැනුවත්කිරීම, මානසික ආතතියෙන් තොර ජීවිතයක් සදහා මනෝවිද්යාත්මක මගපෙන්වීම, වත්මන් සමාජයේ කාන්තාවන් මුහුණ දෙන සාමාජීය ගැටලු සදහා නීතිමය සහාය යන මාතෘකා ආවරණය කරමින් දැනුවත් කිරීම් සිදුවිය.