Saturday, August 16, 2025
Follow Us
බිහිසුණු බස්රථ අනතුරක්

මොණරාගල වැලියාය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ විනෝද චාරිකාවක් ගිය පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙන බව වාර්තා වෙයි.

අනතුරෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී බස් රථයේ 32 හැවිරිදි රියදුරා මියගොස් ඇති අතර පුද්ගලයින් 22ක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කර තිබේ.