ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරමින් වත්මන් ආණ්ඩුව පළාත් පාලන ඡන්ද විමසීම කල් දමා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (01) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112(1) හි විධිවිධාන සහ 2023 නොවැම්බර් 17 පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (28) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
වයස අවුරුදු 12ත් 18ත් අතර සිටින සියලුම පාසල් සිසු දැරියන්ට සනීපාරක්ෂක තුවා ලබාදිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.
2024 අයවැය යෝජනා මඟින් ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සුවිශේෂී මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට අවධානය යොමු කර ඇති බවත්, එමඟින් ඖෂධ ආනයනයේදී සිදුවන දූෂණ අක්‍රමිකතා ඇතුළු අනෙකුත් ප්‍රශ්නගත සිදුවීම් වළක්වා ගැනීමට අවස්ථාව හිමිවන බවත් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය.
රටක් ලෙස වැටුණු තැනින් අප ඉදිරියට පැමිණ තිබුණද, තවම ගමන අවසන් නැති බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීමට නම් සියලුදෙනා එක්ව ඉතා ඉවසීමෙන් යුතුව ඉදිරියට යා යුතු බව පැවසීය.
2024 වසර වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ අයවැය යෝජනා වල සඳහන් රජයේ සේවකයන් සඳහා රුපියල් 10000 ක වැටුප් වැඩිවීමෙන් අඩක් ( රු.5000.00 ) සහ විශ්‍රාමිකයන්ට වැඩිවූ රු.2500 ක මුදල ලබන ජනවාරි මාසයේ සිට ගෙවීමට රජය දැඩි උත්සාහයක නියැලෙමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටියි මහතා පවසයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල අබලන් වී පවතින ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙතෙක් පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවල (COP) අතිකරගත් එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමේ ප්‍රමුඛ අපේක්ෂාවෙන් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා ධූත පිරිස මෙවර ඩුබායිහී පැවැත්වෙන සමුළුව සඳහා සහභාගී වන බව පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පිරිසක් අතර අද (27) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
අද (30) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
ජලයේ ගුණාත්මකභාවය රැකගැනීම සහ පිරිවැය අඩු කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇති නමුත් ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිඳු අදහසක් නොමැති බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.
අද (27) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ අවට පවතින අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂී ස්ථාන නැරඹීමට අවස්ථාව උදාකර දී ඇත.
2024 අයවැය යෝජනා සම්බන්ධයෙන් වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී පවසයි.
ජාතිවාදය වපුරමින් පටු දේශපාලන වාසි ලබාගන්නා, ජාතිය, ආගම මුලට දාගත් දේශපාලන පක්ෂ තහනම් කළ යතු යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කරයි.
1956 දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කළ දිනයේ සිට දේශපාලන පක්ෂ සිය දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය යොදා ගන්නා බවද, ලබන වසරේදී මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබියදී ඇතැම් දේශපාලන කණ්ඩායම් තම වාසිය වෙනුවෙන් ජාතිවාදය නැවත ඉස්මතු කිරීමට උත්සාහ ගනිමින් සිටින බවද අමාත්‍යවරයා චෝදනා කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.
ජාතීන්ගේ නම් දාගෙන ඉන්න දේශපාලන පක්ෂ මේ රටේ දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි. අර ජාතික පක්ෂය, මේ ජාතික පක්ෂය කියලා ජාතීය හෝ ආගම කේන්ද්‍ර කරගෙන හදාගෙන තියෙන දේශපාලන පක්ෂ මේ රටේ නැති වෙන්න ඕන. එතකොට තමයි ජාතිවාදය මුලින් උපුටා දාන්න හැකියාව ලැබෙන්නේ.
ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම් ඇතිවෙලා තියෙන වෙලාවේ, හමාස් සංවිධානය ඇවිත් ඊශ්‍රායලයේ සිවිල් වැසියන් ඝාතනය කළ වෙලාවේ, පහර දුන් වෙලාවේදී අපි ඒකතරයේ හෙළා දැක්කා. දැන් ඊශ්‍රායලය පැත්තෙන් ගාසා තීරයට එල්ලවන ප්‍රහාර අපි හෙළා දකිනවා. අපි ජාත්‍යන්තරය ඉදිරියට ගිහින් ඒක හෙලා දකිනවා. රටක් විදියට අපි ඊශ්‍රායලය පැත්තේවත්, පලස්තීනය පැත්තේවත් නෑ. අපි නොබැදි ප්‍රතිපත්තියක කටයුතු කරන්නේ. අපි නොබැදි ප්‍රතිපත්තියක කටයුතු කරන්නේ.
එහෙම තිබියදී සමහරු පාර්ලිමේන්තුව ඇතුලේ, පාර්ලිමේන්තුවේ එළියේ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ලංකාවත් ඊශ්‍රායලයත් අතර කාලාන්තරයක් තිස්සේ ශ්‍රමිකයින් යවන සේවා ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුම අනුව අපි ශ්‍රමිකයින් යැවීම සිදු කරනවා.
Page 44 of 551