Thursday, May 16, 2024
Follow Us
සනත් නිශාන්තගේ පුරප්පාඩුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි

පුත්තලම මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සනත් නිශාන්ත මහතාගේ මිය යාම හේතුකොට ගෙන 2024 ජනවාරි 25 වැනි දින සිට නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් වෙනුවෙන්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ මහලේකම් වෙනුවට මෙම දැනුම් දීම සිදුකරන බවද එම ලිපිය මගින් නියෝජ්‍ය මහ ලේකම්වරයා දන්වා ඇත.