Wednesday, April 22, 2026
Follow Us
Political

ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු ඇමරිකාව බලා පිටත්ව ගිය, පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. ඔහු මාස දෙකකට අධික කාලයක් ඇමරිකාවේ රැඳී සිටියේය.

Political

UNP MP and economist Dr. Harsha de Silva yesterday declared that the expert forensic audits on irregularities of Bond auctions and EPF stock market investments have exposed the nexus between two Central Bank Governors Ajith Nivard Cabraal and Arjuna Mahendran with the controversial Arjun Aloysius.

Political

කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලු පිරිස්වල ගැටළු හඳුනා ගනිමින් ඒවාට කඩිනමින් විසදුම් ලබා දිම සඳහා සෑම සතියකම සඳුදා දින උදය වරුව වෙන් කළ බවත් 73/1, ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේදී තමන් හමු වී එම පිරිස්වලට ගැටළු ඉදිරිපත් කළ හැකි බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Political

පිහිටුවීමට යන පුළුල් දේශපාලන සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, තිස්ස අත්තනායක, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ, සහ නලින් බණ්ඩාර යන අයගෙන් කිසිවකුත් පත් නොකරන්නැයි එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

Political

හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ නව සන්ධානයට එක්කර ගැනීමට එම පෙරමුණේ බොහෝ දෙනෙකු විරෝධය පළ කර ඇතැයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසයි.

Political

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ ඡන්ද සටන මෙහෙයවීම, පොදුජන පෙරමුණේ නායක, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සිදු කෙරෙනු ඇතැයි වාර්තා වේ.

Political

මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණට එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ශ්වයන් දෙකකින්ම විවිධ පණිවුඩ ලැබෙමින් පවතින බවක් දැනගන්නට තිබේ. ඒ, ඉදිරි මහමැතිවරණයේදී සන්ධානයක් සඳහා ලෙස තරග වැදීමට පැමිණෙන ලෙසට ආරාධනා කරමිනි. එම ආරාධනාව එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙනුත්, සජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙනුත් එකවර ලැබෙමින් තිබීම විශේෂ සිදුවීමකි.

Political

Opposition Leader Sahith Premadasa would ultimately become the leader of the UNP, a UNP MP said today.

Political

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කළ නොහැකි වුවද, ඉදිරියේදී බිහිකරන නව සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවීම ජයග‍්‍රහණයක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

Political

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සම නායකයකු ලෙස පත් කිරීමට පමණක් නොව ඒ මහතාට ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමට ද එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පිරිසක් විරෝධය පළකර ඇති බව වාර්තා වේ.

Political

එළඹෙන මහ මැතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ එක්ව සන්ධානයකින් තරග කිරීම පිළිබඳ අවසන් තීරණය ඉදිරි සති කිහිපය තුළ ගනු ඇතැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසනවා.

Political

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යන දෙදෙනාටම මේ වනවිට නායකත්වය සම්බන්ධයෙන් අභ්‍යන්තර අර්බුදවලට මුහුණ පෑමට සිදුව ඇති බවත් ඒ අනුව ඔවුන් දෙදෙනාම එක ඉත්තේ පොල් බවට පත් වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි.

Political

"ගෝ‍ඨාභය ජනපති - සජිත් අගමැති" යනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් ගෙනයන සටන් පාඨය නිවට බියගුළු කතාවක් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එජාපයට එවන් දේශපාලන ගමනක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

Political

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා තරග කිරීමට නියමිත බව වාර්තාවේ.

Political

මීළඟ මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට නළු නිළියන් නොව බුද්ධිමතුන් තෝරා පත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී, හිටපු සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

Political

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන මහමැතිවරණයේදී ද කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට තීරණය කර තිබේ.

Political

පොදුජන එක්සත් පෙරමුණ ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කිරීමට පොදුජන එක්සත් පෙරමුණ විධායක සභාව තීරණය කළ ද පොහොට්ටුව ලකුණින් පමණක් තරග කිරීමට පොදුජන පෙරමුණේ බහුතරය තීරණය කර තිබෙනවා.

Political

ඉදිරි මහ මැතිවරණයේදී 'වියත්මග' හෝ 'එළිය' සංවිධානවලට නාමයෝජනා ලබා නොදෙන බවත්, එම සංවිධානවල සාමාජිකයින්ට ඕනෑ නම් දැනට පවතින සන්ධානයේ සාමාජික පක්ෂයකින් නාමයෝජනා ලබාගත යුතු බවත් ආණ්ඩුවේ පක්ෂයක නායකයෙක් උපුටා දක්වමින් 'අනිද්දා' පුවත්පත සිය ප්‍රධාන පුවතින් වාර්තා කර තිබේ.ජනවාරි 28 වැනිදා එම සන්ධානයේ පක්ෂ නායකත්වයන්ගේ රැස්වීම පැවති බවත්, එම රැස්වීමේදී ඉදිරි මහමැතිවරණයේ නාමයෝජනා ලැයිස්තුවලට නම් ඇතුළත් කිරීම පිළිබඳව ඇති කරගත් එකඟතා පිළිබඳව අදහස් දක්වමින් එම පක්ෂ නායකයා එසේ සඳහන් කර ඇත.