2015 වසරේ ජනවාරි මස 08 වනදා සිට මේ දක්වා කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 28,000 ක් වැය කර ඇතැයි පාර්ලිමේන්තුවේදී අද (07) අනාවරණ වුණා. අදාළ වාර්තා සභාගත කළේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින්.
රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට ලබාදී ඇති හඬපට ලබාගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදෙන බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක හමුවක් පැවැත්වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.
තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්කරගන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා කළ ඉල්ලීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.
ඉදිරි මහ මැතිවරණයේදී වෙනම තරඟ කර පාර්ලිමේන්තුවට පත්වී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශක්තිමත් කිරීමට සහය දැක්වීම පක්ෂය ආරක්ෂා කර ගැනීමට ගත හැකි වඩාත් ම සුදුසු දේශපාලන ක්‍රියාමාර්ගය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකින් විශාල පිරිසක් එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යෝජනා කර ඇත.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන සඳුදා (10) දක්වා කල්දමා ඇති බව සිරිකොත ආරංචි මාර්ග පවසනවා. මෙසේ කල්දමා ඇත්තේ හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබී කෘත්‍යාධිකාරී රැස්වීමයි.
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් කණ්ඩායමක් විසින් පිහිටුවීමට නියමිත නව සන්ධානය කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක් කි‍්‍රයාත්මක වෙමින් ඇති බවට ඔහුට සහය දක්වන පාර්ශ්වය චෝදනා කරනවා.
The Attorney General has informed the Supreme Court that the government is currently reviewing the Sri Lanka-Singapore Free Trade Agreement (SLSFTA).
Activist Saman Rathnapriya took oaths as a Member of Parliament of the United National Front (UNF) today.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක කටහඬ පරීක්ෂණයක් සඳහා අද (07) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙනවා.
රාජ්‍ය සේවය සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනීම එළැඹෙන මාර්තු මස 01 දා සිට ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
The UNF Parliamentary Group today approved the appointment of UNP MP Ranjith Madduma Bandara as the General Secretary of the proposed UNP-led alliance.
ඉවත් කරන ලද සාමාජිකයන් සිව්දෙනා අතුරින් කොළඹ පුරපති රෝසි සේනානායක පමණක් නැවත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඇතුළත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කැමැත්ත පළකර තිබේ.
අගමැති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් අධිකාරී එස්. විජේසිංහ මහතා, එහි සහකාර පොලිස් අධිකාරී ඩබ්. සේනානායක මහතා ඇතුළුව පොලීසියේ 14කට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
Sri Lanka Freedom Party (SLFP) members who supported United National Party (UNP) Deputy Leader Sajith Premadasa at the last Presidential election will join the new alliance led by Premadasa.
වත්මන් ආණ්ඩුව තමා සිතපු තරම් නරක නොමැති නමුත් ආණ්ඩුවට ඡන්දය දුන් පිරිස දැන් කනගාටුවී ඇති බවත් හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පැවැසීය.
The UNP faction led by Opposition Leader Sajith Premadasa has decided to legally establish the proposed political alliance with the like-minded parties by changing the name of a political party which is functional at the moment, Daily Mirror learns.
ගොඩනැගීමට යන පුළුල් දේශපාලන සන්ධානයේ මහ ලේකම් ධුරය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා විසින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නම් කළ ද පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයේ වැඩි කැමැත්ත වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් දිසානායක මහතාට බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් පැවසීය.
Page 429 of 554