එළඹෙන මහ මැතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ එක්ව සන්ධානයකින් තරග කිරීම පිළිබඳ අවසන් තීරණය ඉදිරි සති කිහිපය තුළ ගනු ඇතැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යන දෙදෙනාටම මේ වනවිට නායකත්වය සම්බන්ධයෙන් අභ්‍යන්තර අර්බුදවලට මුහුණ පෑමට සිදුව ඇති බවත් ඒ අනුව ඔවුන් දෙදෙනාම එක ඉත්තේ පොල් බවට පත් වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි.
2019 වසරේ පාර්ලිමේන්තුවේදී එක් වචනයක් හෝ කථා නොකළ මන්ත්‍රීවරුන් 4 දෙදෙනෙක් සිටින බව Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා තරග කිරීමට නියමිත බව වාර්තාවේ.
මීළඟ මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට නළු නිළියන් නොව බුද්ධිමතුන් තෝරා පත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී, හිටපු සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ ගනු ලැබූ තීන්දු පිළිබඳව අද (31 වැනිදා) දිනය වන විට අවසන් තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය පවසයි.
පොදුජන එක්සත් පෙරමුණ ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස වෙනස් කිරීමට පොදුජන එක්සත් පෙරමුණ විධායක සභාව තීරණය කළ ද පොහොට්ටුව ලකුණින් පමණක් තරග කිරීමට පොදුජන පෙරමුණේ බහුතරය තීරණය කර තිබෙනවා.
ඉදිරි මහ මැතිවරණයේදී 'වියත්මග' හෝ 'එළිය' සංවිධානවලට නාමයෝජනා ලබා නොදෙන බවත්, එම සංවිධානවල සාමාජිකයින්ට ඕනෑ නම් දැනට පවතින සන්ධානයේ සාමාජික පක්ෂයකින් නාමයෝජනා ලබාගත යුතු බවත් ආණ්ඩුවේ පක්ෂයක නායකයෙක් උපුටා දක්වමින් 'අනිද්දා' පුවත්පත සිය ප්‍රධාන පුවතින් වාර්තා කර තිබේ.ජනවාරි 28 වැනිදා එම සන්ධානයේ පක්ෂ නායකත්වයන්ගේ රැස්වීම පැවති බවත්, එම රැස්වීමේදී ඉදිරි මහමැතිවරණයේ නාමයෝජනා ලැයිස්තුවලට නම් ඇතුළත් කිරීම පිළිබඳව ඇති කරගත් එකඟතා පිළිබඳව අදහස් දක්වමින් එම පක්ෂ නායකයා එසේ සඳහන් කර ඇත.
පොදුජන පෙරමුණ, ශ්‍රීලනිපය ඇතුළු දේශපාලන කඳවුර ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලන ලකුණ පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ශ්‍රීලනිපයටද ලකුණ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව දන්වා ඇතැයිද ගම්මන්පිල මහතා පවසයි.
කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලු පිරිස්වල ගැටළු හඳුනා ගනිමින් ඒවාට කඩිනමින් විසදුම් ලබා දිම සඳහා සෑම සතියකම සඳුදා දින උදය වරුව වෙන් කළ බවත් 73/1, ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේදී තමන් හමු වී එම පිරිස්වලට ගැටළු ඉදිරිපත් කළ හැකි බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Leader of the Opposition Sajith Premadasa yesterday said he will inform the country about his political future in the days to come.
ඊයේ (30) රැස්වුණු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත වූ යෝජනාවන් අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයට අවශ්‍ය මූලික අත්තිවාරම සකස් වී අවසන් බව එම පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා පවසයි.
ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ ඡන්ද සටන මෙහෙයවීම, පොදුජන පෙරමුණේ නායක, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සිදු කෙරෙනු ඇතැයි වාර්තා වේ.
ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස ඉදිරි දේශපාලන කටයුතු යුහුසුළුව සිදුකරන බව පොදුජන එක්සත් පෙරමුණේ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයන් පවසනවා.
UNP MP Ajith P Perera yesterday said he sees no reason for the party to remove him from the working committee.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කළ නොහැකි වුවද, ඉදිරියේදී බිහිකරන නව සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවීම ජයග‍්‍රහණයක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
2020 අගෝස්තු මාසය වන තෙක්ම මහමැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා විසින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික වී ඇතැයි වාර්තා වේ.
මේ ඡන්දෙදි ශක්තිමත් ජයග්‍රහණයක් ලබා ගන්න අපි උත්සාහ කළ යුතු යැයි විදේශ සබඳතා , නිපුණතා සංවර්ධන , රැකිරක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
Page 431 of 554