පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබෙන අවස්ථාවක ව්‍යවස්ථාපිත කරුණක් සඳහා අත්සන් කිරීමේ බලයක් කතානායකවරයාට නොමැති වුවත් කතානායකවරයා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අත්සන් කළේ පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබියදී බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවැසීය.
දේශපාලනඥයින්ගේ දරුවන් පෞද්ගලික සෞඛ්‍ය සේවා ඔස්සේ ලබා ගන්නා සැලකිල්ල මේ රටේ සෑම දුවෙකුටම පුතෙකුටම රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඔස්සේ ගැනීමට හැකි පසුබිම සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සුළු හා මධ්‍ය පරිමාණ ආයෝජකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් සුරක්ෂිතලත් ගනුදෙනුවලට අදාළ පනත් කෙටුම්පත ගෙන එන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කෙළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වූ උද්දික ප්‍රේමරත්න කැනඩාවට ගොස් එරට රජයෙන් දේශපාලන රැකවරණය ඉල්ලා තිබේ.
“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (24) හමු විය.
ජනාධිපති ධුර අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට ආරාධනාවක් ලැබුණ හොත් අභියෝගය භාරගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වතු ජනතාව සහ එම දරුවන් පාඩම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී කර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් සොයාබලා විනය පියවර ගැනීමට උපදෙස් දී ඇතැයි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
දුම්රිය හරස් මාර්ගවලට ආරක්ෂිත සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීමට අඩු වියදම් සහිත ක්‍රමවේදයක් මා ඉදිරිපත් කළත් තවමත් එය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නට හැකියාවක් ලැබී නැති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (20) පැවසීය.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මහා භාණ්ඩාගාරය මේ ගැන කරුණු විමසමින් වාර්තා ඉල්ලා සිටීම නිසා තවමත් මෙය ඇනහිට තිබෙන බවත් මේ අයුරින් ආණ්ඩුකරණය බැරි නිසා කැබිනට් මණ්ඩලය දැනුවත් කර දුම්රිය හා ලංගමය ලබන සතියේදී මහා භාණ්ඩාගාරයට පවරා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
“මීට පෙර සවි කර ඇති සංඥා ක්‍රමවලට මගේ කිසිම බැඳීමක් හෝ වගකීමක් නැහැ. ඒ ක්‍රමවලට විශාල පිරිවැයක් දරා තිබෙන නිසා මිනිස් හා සත්ත්ව ජීවිත ඉතා අඩු පිරිවැයකින් ආරක්ෂා කර ගනිමින් දුම්රිය සංඥා ගැටලු ප්‍රශ්නය විසඳීමට මා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මෙරට පුද්ගලික අංශයේ තාක්ෂණ ආයතනත් රාජ්‍ය නිර්මාණ විවිධ නීතිගත සංස්ථාවක් එක්කර ගනිමින් ලක්ෂ 15කට වඩා අඩු වියදමින් මේ සංඥා ගේට්ටු ක්‍රමය ඇති කිරීමට මම මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. එය බෙල් සහ ලයිට් දෙකම සහ මුර කුටියකින් ද සමන්විත රේල් ගේට්ටු ක්‍රමයක්. එහි නියමු ව්‍යාපෘතිය ගිය පොහෝ දිනයේදී ගොඩගම සවිකර අත්හදා බැලීමක්ද කළා. මේ වන විට බොහෝ කාලයක් ගත වෙලා. අප ඊට වැය වෙන ලක්ෂ 15ක මුදලින් හත්ලක්ෂ පන්සීයක් මාර්ග අනතුරු වැළැක්වීමේ ආයතනයෙන් ලබා දෙන්නත් ඉතිරි මුදල් සමාජ සත්කාර ලෙස විවිධ පාර්ශ්වවලින් ලබා දෙන්නත් බලාපොරොත්තු වුණා. විපක්ෂ නායකතුමාත් මට ඒ සඳහා සහාය දෙන්නම් කියලා පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒ නිසා මේ සම්බන්ධයෙන් තවත් කැබිනට් පත්‍රිකාවක් දාලා කරුණු ඉදිරිපත් කළා. එහිදී මහා භාණ්ඩාගාරය විවිධ කරුණු අහලා එවනවා. මේවාට කවුද තෑගි දෙන්නේ. සල්ලි දෙන්නේ කවුද කියලා අහනවා. මේ ආණ්ඩුකරණය මේ විදිහට කරන්න බැහැ. ඒ නිසා මම ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා දුම්රිය හා ලංගම දෙකම මහා භාණ්ඩාගාරයට භාර දෙනවා. අප මේවාට විසඳුම් ගෙන්න කොපමණ උත්සාහ කරත් කමිටු දාලා වාර්තා අරගෙන වාර්තා ඉදිරිපත් කරලා එනවිට මිනිස්සු මැරිලා ඉවරයි. සීටීබී එකත් ඒ වගේයි. සීටීබී එකට අවුරුදු 66ක් තිස්සේ බඳවා ගැනීම් හා උසස් වීම් පටිපාටියක් නැහැ. මේකට පටිපාටියක් හදන්න උත්සාහ කළාම කමිටු දානවා. වාර්තා ඉල්ලනවා. ඉවරයක් නැහැ. ඒ නිසා ඇමැතිවරයා ලෙස මටත් මගේ සභාපතිවරුන්ටවත් මේක කරන්න අමාරුයි. ඒ නිසා දුම්රිය දුවවන එකත් බස් දුවවන එකත් භාණ්ඩාගාරයට භාර දෙන්න තීරණය කළා. භාණ්ඩාගාරය බස් කෝච්චි දුවවලා ප්‍රවාහන සේවය පවත්වාගෙන යයි.“ යැයි අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ආධාර ඇතිව ජලජීවී වගාව සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
කඳුරට දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න දෛනික වැටුපට සීමා නොකළ යුතු බවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා නිවාස, ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා යටිතල පහසුකම් යන සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම අවධානය යොමු කළ යුතු බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.
කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම අරමුණු කරගනිමින් දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නැවැත්වීමට සූදානම් නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
මේ රට ගොඩ නැඟීමට සත්භාවයෙන් මැදිහත් වන මිනිස් සමූහයකගේ ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පාර්ලිමේන්තුව විසින් 2024 පෙබරවාරි 09 දින සම්මත කරන ලද යෝජනා අනුව නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා, පහත සඳහන් කාරක සභාවලට නම් කරන ලද සාමාජික මන්ත්‍රීවරයන්ගේ නාම ලේඛන නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ශ්‍රී ලංකාවේ දැවැන්තම තීරණාත්මක දේශපාලන, සමාජ, ආර්ථික වෙනස ඇති කිරීමට සුදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට සහභාගී වූ ජනතාව අමතමින් ප්‍රඥා දුන්නේය.
Page 38 of 553