Saturday, May 04, 2024
Follow Us
මන්නාරම ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් කරනවා- ඇමැති මනූෂ

මන්නාරම නැවත පෙරදිග අපරදිග ලෝකය යා කරන ජාත්‍යනතර වෙළඳ මධ්‍යස්ථනයක් ලෙස සංවර්ධනය කරන බවත් ඊට අවශ්‍ය වටපිටාව මේ වන විට සකස් වෙමින් පවතින බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායකකාර පැවසීය.

මන්නාරමේදී අද (20) ආරම්භවූ ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයේ මන්නාරම් දිස්ත්‍රික් දිගහැරුමේ සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ සඳහන් කළේය.

මන්නාරම යනු මෙරට ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ කළ භූමියක් බවත් ඉන්දියානු සාගර සීමාවන් තුළ මන්නාරමට විශෙෂ තැනක් හිමිවෙන බවත් මනුෂ නානායක්කාර මහතා මෙහිදී පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

"මේ යෝජන දිහා ඉන්දීය විරෝධයෙන් බලලා වැඩක් නෑ. එදා එහෙම බොරු විරෝධය පාපු අයත් දැන් ඉන්දියාව පැත්තේ යනව එනවා. එදා ඉන්දියානු විරෝධයක් දාලා 60,000 මරපු අයත් අද ඉන්දියවට යනව. අපි මේවා දිහා විවෘතව බලන්න ඕන. ස්මාර්ට් විදිහට බලන්න ඕන. ඉන්දියාව කියන්නෙ දැවැන්ත වෙළඳ පොලක් . ඒවගේම සේතු සමුද්‍රම් වැනි ව්‍යාප්‍ර්ති නිසා වෙළඳ වරායක් හැටියට මන්නාරමෙ වටිනාකම වැඩි වෙන්න පුලුවන්."