Tuesday, January 27, 2026
Follow Us
Political

අතුරුගිරිය මංසන්ධියේ පවතින රථ වාහන තදබදය වැළැක්වීම කඩිනමින් අරඹ්භ කරන බව  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Political
  • සංස්කෘතිය ආරක්ෂා කරමින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්නැයි ජනතාව ඉල්ලයි
Political

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය සකස් කිරීමට ගැසූ මොන්ටිසෝරි ගැටයක් බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

Political

සියලු ව්‍යපාර වැට් බදු ගෙවීමට යටත් කලොත් පොත්පත් සියල්ලේ වැට් බද්ද අඩු කළ හැකි බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Political

ඖෂධ නිෂ්පාදකයන්ට ගෙවීමට ඇති හිඟ මුදල් රුපියල්  බිලියන 13 ක මුදල  මෙම වසර තුළ ගෙවා අවසන් කරන බව  සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා  ඊයේ (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Political

මෙතෙක් පැවති සියලු සමාජ ආරක්ෂණ ක්‍රම එකට එකතු කර පොදු සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් මෙරට සමස්ත ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ඉදිරි මාස තුනක කාලය තුළ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් එහි දී මෙතෙක් ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ සියල්ල එක්කරමින් පොදු ආරක්ෂණ ක්‍රමයක් සකස් කිරීම සිදුවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

Political
  • අඩපණ වූ සංවර්ධන කටයුතු පෙබරවාරි මාසයේ යළි අරඹනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන.

රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බවත් එබැවින් සියලු පක්ෂ බේද පසෙකලා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දායක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

Political

දේශපාලනඥයින් විසින් කවර ප්‍රකාශ සිදු කළත් රජයක් පවත්වාගත යුතු වන්නේ සංඛ්‍යා ලේඛන මත පදනම් වෙමින් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Political

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ හමුවේ මෙරට පැවති ආර්ථික අවපාතය යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත්ව ඇති බවත් එම තත්ත්වය පරිපූර්ණ කරගැනීමට නම් පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා ඊට සහය දැක්විය යුතු බවත් වෙළද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පැවසීය.

Political

ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Political

ස්වභාවික සම්පත් අමුද්‍රව්‍ය වශයෙන් නොව ඒවා සඳහා වටිනාකම් එකතු කර අපනයනය කිරීමට  වැඩපිළිවෙළ සකස් කළ යුතු බව පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල  මහතා පවසයි.

Political

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

Political

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතර විශේෂ සාකච්ජාවක් අද (16) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.

Political

ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ පුරප්පාඩුවට නයන ප්‍රියංකර මහතා තෝරා ගෙන තිබේ.

Political

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලබන වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා නීති දැඩිව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

Political

බුදු දහමට සිදුවන තර්ජන මැඩලීම සඳහා නීති සම්පාදනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Political

මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය යන ප්‍රධාන මැතිවරණ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Political

වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පැවති සියලුම විශ්‍රාමික පාරිතෝෂිත ගෙවීමට අවශ්‍ය සියලු මුදල් ලැබීම නිසා, 2023 වර්ෂය වනවිට ගෙවීමට තිබූ සියලු හිඟ පර්තෝෂිත විශ්‍රාමිකයන් වෙත ගෙවා අවසන් කිරීමට හැකිවූ බවද එය මෙරට විශ්‍රාමිකයන් ලැබූ විශාල ජයග්‍රහණයක් බවද, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (10 )  ප්‍රකාශ කළේය.