කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්ද 42 කින් පරාජයට පත්විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් ලබාදුන් පොරොන්දුවලින් අති බහුතරයක් මේ වන විටත් ඉටුකර අවසන් බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
කුමන ආකාරයේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කිසිදු පසුබෑමකට ලක් නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
වී.අයි. ලෙනින් කියූ සේ සියවස් ගණනාවක් වෙනුවෙන් රට හැදීම සඳහා වැඩ කරන දශකය ගෙවෙමින් පවතින බවත් වේගයෙන් ඉදිරියට යන්නේ නම් 2048ට පෙර රට ණය බරින් නිදහස් වීම අනිවාර්ය බවත් කම්කරු හා විදේශ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (16) පොළොන්නරුවේදී පැවසීය.
විදේශ රටවල රැකියාවල නියැලෙන ශ්‍රමිකයින් හා වෘත්තිකයින්ට කිසියම් අවදානමක් හෝ අකටයුත්තක් වන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන එකවර දැනුවත් කිරීමේ හැකියාව සහිත ඩිජිටල්කරණ ක්‍රියාවලියකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් නුදුරේදීම එය ආරම්භ කරන අතර එමගින් විදේශ රැකියා ක්ෂේත්‍රය නව ලෝකයට ගැළපෙන පරිදි ඩිජිටල්කරණය කිරීමට මග පෑදෙනු ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (23) අවධාරණය කළේය.
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව තෙදින විවාදයක් ලෙස ලබන 21 වැනිදාත් විවාද කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වෙයි
රටේ ආර්ථිකය පිළිබඳ සත්‍යය අවබෝධ කර නොගෙන, බලය අත් කරගැනීම වෙනුවෙන් කලින් කලට දුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක් වීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා තමන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව පැවසීය.
වසර හැට හයකට පසුව පුථම වරට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා සේවක ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේ පසුගියදා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් නාවලපිටිය ඩිපෝව නිරීක්ෂණයෙන් අනතුරුව සේවකයින් සමග සුහද පිළිසදරකට එක් වෙමිණි.
මේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ අපේ රටට අනාගතයක් නැහැ .පාසල් අධ්‍යාපනය තුළ තොරතුරු තාක්ෂණ විෂය පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වාම ඉගැන්විය යුතුයි. රටේ පවතින 10126ක් වන සියලුම පාසල් සුහුරු පාසල් බවට පත් කරන්නට අවශ්‍ය පසුබිම සකස් කරන්න මා සූදානම්" යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින හෝමාගම පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය.
මෙරට ආර්ථිකය සඳහා විශාල දායකත්වයක් සපයන සුළු පරිමාණ, මධ්‍ය හා මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන් හා ක්ෂේත්‍රයේ නියුතු අනිකුත් පාර්ශවයන් ආරක්ෂා කිරීමට රජය අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ හා පහසුකම් සලසා දෙන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබු විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Page 37 of 554