ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය තමන් ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නොසලකා කටයුතු කරන බැවින් එම තත්වය වෙනස් නොවන්නේ නම් තමන්ටත් වෙනත් ගමනක් ගැන කල්පනා කිරීමට සිදුවනු ඇති බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.
බැසිල් රාජපක්ෂ මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කිරීම බලරහිත කරන ලෙස ඉල්ලමින් උලපනේ සුමංගල හිමි ඇතුළු තිදෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකර තිබේ.
Parliamentarian Diana Gamage has filed a petition before the Supreme Court challenging the Samagi Jana Balawegaya (SJB) for expelling her party membership.
වයස අවුරුදු 60 ඉක්මවූ සහ විවිධ සංකූලතාවලින් හා නිදන්ගත රෝගවලින් පෙළෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබේ.
මෙරට ගොවි ජනතාවගේ අප්‍රතිහත ධෛර්ය හා උත්සාහය නිසා වසර 2010 පමණ වනවිට රට සහලින් ස්වයංපෝෂිත කිරීමට හැකිවීම රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයකි. එම ජයග්‍රහණය උදෙසා කෘෂි විද්‍යාඥයින් හා විෂය පිළිබඳ ප්‍රාමාණිකයින් ලබාදුන් දැනුම හා නායකත්වයද අමතක කළ නොහැක. ආහාර සුරක්ෂිතතාවය සැලකූ විට පසුගිය දශකයකට වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු ස්ථානය රැකගෙන තිබිණ. වසර 2019 වනවිට ලොව ආහාර සුරක්ෂිතතා දර්ශකයට අනුව 66 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබිණ. දේශීය තේ සහ කුරුඳු සඳහා ජාත්‍යන්තරයේ ඉහළ ඉල්ලුමක් ඇති වී තිබිණ.
ඉදිරියේදී තමන් ප්‍රමුඛ ආණ්ඩුවේ සිටින සහෝදර පක්ෂ එකොළහට ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදුවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප අන්තනෝමතික ලෙස කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
Samagi Jana Balawegaya (SJB) Parliamentarian Kavinda Jayawardana and a fisherman in Negombo today filed a Fundamental Rights petition in the Supreme Court challenging the legality of the gazette notification issued allowing the Urban Development Authority to acquire the Muthurajawela marshy lands.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් ඊයේ පස්වරු 4ට (05) පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා. එම අවස්ථාවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් එක්ව සිටියා. එහි විශේෂත්වය වූයේ එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳහා රවි කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග,ලක්ෂ්මන් විජේමාන්න යන අයද සහභාගීවී සිටීමයි . මෙහිදී ප්‍රධාන කාරණා දෙකක් පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමු වී තිබුණා. ඒ ජනාධිපති වරයාගේ විදේශ සංචාරය සහ එක් රටක් එක් නීතියක් වූ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම පිළිබඳවයි. මෙහිදී යෝජනා වුණේ එක් රටක් එක් නීතියක් පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කිරීම නීති විරෝධී බවයි. රටක නීතිය ශක්තිමත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයා ප්‍රමාණවත් බව ද මෙහිදී අවධානය යොමු කෙරුණා.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති ලිත් නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳව නොවැම්බර් 11 වැනිදා වනවිට තීරණය කරන බව නීතිපතිවරයා අධිකරණය දන්වා තිබෙනවා.
ආණ්ඩුව යන ගමන ජනතාවාදී නොවන බවත්, මේ රටේ සමස්ත ජනතාවම පීඩාවට පත්කරන ගමනක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නුවර එළිය, මීපිලිමාන ප්‍රදේශයේ ඊයේ (05) පැවති ගොවි උද්ඝෝෂණයක් අසලින් යෑමට පැමිණි රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතාට අයත් රථයකට හූ කියා පළවාහැරීමට එම උද්ඝෝෂණයේ නියුතු ගොවීන් කටයුතු කරන ආකාරය දක්නට ලැබිණි.
SLPP MP - S.B. Dissanayake said that the people should get used to facing hardships.
යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අමෙරිකාවේ නිව් ෆෝට්රස් සමාගම සමග අත්සන් කෙරුණු ගිවිසුම තමන් ද දැක නොමැති බව මුදල් අමාත්‍යවරයා ඉකුත් දා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය ආකාරයට හැසිරිය යුතු බව ශ්‍රීලපොපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තිස්සකුට්ටිආරච්චි මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. පොහොට්ටුවේ වෙනත් මැති ඇමතිවරුන් ද අවස්ථා ගණනාවකදී මීට සමාන අදහස් ප්‍රකාශ කරනු දැකගත හැකිවිය.
සල්ලි තිබුණත් මේ වන විට බඩු නැති තත්ත්වයට පත්ව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේය.
Page 236 of 556