Sunday, April 12, 2026
Follow Us
චම්පිකට එරෙහිව මහින්දානන්දගෙන් CIDයට පැමිණිල්ලක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, නැනෝ නයිට්‍රිජන් පොහොර ගෙන්වීමේදී කෘෂිකර්ම අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා අතිවිශාල මුදලක් වංචා කර ඇති බවට චම්පික රණවක මහතා පසුගියදා කළ ප්‍රකාශයකට එරෙහිවයි.

තමන් මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව ඊයේ දිනයේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කර තිබුණා.

(LNW)