Samagi Jana Balawegaya (SJB) will do its maximum to bring about national reconciliation in the nation, Leader of the Opposition Sajith Premadasa said over the weekend.
සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා නව පොදුජන ව්‍යාපාරයක් ඉදිරියේදී ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
වත්මන් පාලනය යටතේ රට තුළ ඉතිහාසයේ නොවූ විරූ මට්ටමේ අහේනියක් ඇතිවී ඇතැයි හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
තමන් මෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කළ රාජ්‍ය නායකයෙකු නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ආණ්ඩුව විසින් දෙන්නට යන සහන පැකේජය ඇත්ත වශයෙන්ම සහන පැකේජයක් නොව, අසහන පැකේජ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මුදල් අච්චු ගහමින්, උද්ධමනය අහස උසට නංවා ලබාදෙන සහන පැකේජයක ප්‍රතිඵලය කුමක් දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන පොදුජන පෙරමුණ අතර මතගැටුම මේ වනවිට මෙරට දේශපාලනයේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙනවා. පොදුජන පෙරමුණේ බොහෝ මැති ඇමතිවරුන් පවසන්නේ ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය නොකර ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව යායුතු බවයි.
The Central Bank has partly sold the country’s gold reserves as it battles the ongoing foreign exchange crisis.
හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අමුතු වචන හරඹයන් තුළ ගැබ්ව ඇති වෙනත් අරමුණු ඉටුකර ගැනීමට තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම ඉඩ නොතබන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අවධාරණය කරයි.
ලබන වසරේ මැද භාගය වනවිට බොහෝදුරට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
123 වැනි බණ්ඩාරනායක ජන්ම දින සැමරුම හෙට පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය. ගාලු මුවදොර අසල පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසලදී සමරු උත්සවය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
ඉදිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජී. එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන සහ සරත් වීරසේකර යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කෙරෙනු ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
කොවිඩ් වසංගත තත්වය නිසා තම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගැනීමට නොහැකිව ධුර කාලයෙන් අහිමි වූ වසර දෙක නැවත ලබාගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීමට තමන්ට මහනුවරදී තරුණයෙකු යෝජනා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළයුතු බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා යළි අවධාරණය කරයි.
ජාතික ජන බලවේගය රටේ ප්‍රමුඛතම ජනතා බලය බවට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු සැළසුම් සකස් කර ඇති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා. මේ වනවිට ජාතික විධායක සභාව තෝරා පත්කර දිස්ත්‍රික් විධායක සභා ගොඩනැගීම ආරම්භ කර ඇති බවද දිසානායක මහතා සඳහන් කරනවා.
ආණ්ඩුව අද භුක්ති විදිමින් සිටින්නේ ජාතිවාදය ජාතිභේදය, ආගම්වාදය වැපිරීමේ සාපය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තමන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා මන්ත්‍රීධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සහ කළහොත් ඊට මුහුණදීමට සූදානම් බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරියේ බුද්ධි අංශ මගින් ජනාධිපතිවරයාට ලබාදුන් වාර්තාවක් පදනම් කර ගනිමින් බවට ජානක තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. එම ප්‍රකාශය ඉතා බරපතල බවද ඔහු සඳහන් කරනවා.
Page 209 of 552